Thursday, April 19, 2018

කූජිත ගේ භාවනාවෙන් පසුව ළමයි හම්බුවෙන හැටි පෙන්වන්න WPC. ට සිදුවෙයි.


අසාධාරණ ලෙස දමන ලද ඩියුටියක් වෙනස් කරවා ගන්න ගිය කාන්තා පොලිස් නිලධාරිණියකට මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ඇණුම් බැනුම් තර්ජන වලට මුහණ දිමට සිදුවීම සම්බන්ධයෙන්, ඇය 2018.04.17 දින මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
 ර්‍ණ අවු: 34 යි, විවාහක, දරුවන් 02 යි, පානදුර දකුණ පොලිස් ස්ථානය. 

සේවා කාලය අවු: 15 යි. 2010 සිට පානදුර දකුණ පොලිස් ස්ථානයේ රාජකාරි කරමි. මා අධිකරණ (සාමාන්‍ය* රාජකාරියේ නිරතව සිටිමි.

අද දින, (2018.04.17 දින*, දහවල් 11.00 ට පමණ, පාලන අංශ ස්ථානාධිපති පො.ප. කස්තුරිආරච්චි මයා, මාව මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මයා ළඟට කැඳවාගෙන යන ලදි.

එ් අවස්ථාවේදී, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, ”තමුසෙට මම දාන නියෝග ක‍්‍රියාත්මක කරන්න  ඕනි”, වශයෙන් තර්ජනාත්මකව ප‍්‍රකාශ කර සිටින ලදි. 

එ් අවස්ථාවේදීම, පාලන අංශ ස්ථානාධීපති පො.ප.කස්තුරිආරච්චි මයා, මූලස්ථාන පොලිස් පරීක්ෂක ගේ ප‍්‍රකාශය අනුමත කරමින්, ”මිස් අපි දෙන නියෝග ක‍්‍රියාත්මක කරන්න  ඕනි, නැත්නම් යන්න” යයි කියමින් මා දැඩි අපහසුතාවයට පත් කරණු ලැබීය.

මේ අවස්ථාවේ, මා, මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමාට ප‍්‍රකාශ කර සිටියා, මට පිළිගත් ක‍්‍රමවේදයට යොදන ලද රාජකාරිය, වෙනත් නිලධාරිණියකගේ අවශ්‍යතාවයට වෙනස් කිරීම මගින්, මට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව. එ් අවස්ථාවේ පාලන අංශයේ ස්ථානාධීපතිට කියන්න යයි කිව්ව බවත් මා සිහිපත් කර සිටියා.

නමුත්, එ් සියලූ කරුණූ නිශ්ප‍්‍රභා කරමින්, මහා හඬින් කෑගසමින්, මා දැඩි අපහසුතාවයට පත් කරන ලදි.

මෙයට හේතු වූයේ, 2018.04.17 දින, උදේ 6.00 සිට සවස පැය 18 දක්වා, පැය 12 ක් මා දුරකථන සේවයේ යෙදවීම මගින් මට සිදුකර ඇති, අසාධාරණය පිළිබඳව මා කරුණු දක්වා සිටීමය.

මෙය මට අයත් නොමැති රාජකාරියකි. මෙම රාජකාරියට නියමිත වෙනත් කාන්තා පොලිස් නිලධාරිනියකි. මැයට නියමිත රාජකාරිය, වෙනස් කර, මාගෙන් පළිගැනීම සඳහා යොදනු ලැබූවකි. 

මා එසේ ප‍්‍රකාශ කරන්නේ, මීට පෙරද, මේ ආකාරයටම, මූලස්ථාන පොලිස් පරීක්ෂක හා පාලන අංශයේ ස්ථානාධීපති ක‍්‍රියාකර ඇති නිසාය. 

2017.04.21 වන දින, උදේ 7.00 ට පැවැති උපදෙස් පංතියේදී, සිදුවූ අතපසුවීමක් සම්බන්ධව මාව නැගීසිටුවා, ”තමුසෙට ළමයි හම්බවුනෙත් මෙහෙමද” කියා අසමින් බැණ වදින ලදි. ඔහු එම අවස්ථාවේත් මා ආමන්ත‍්‍රණය කළේ ”මේ ගෑනි” ”මේ ගෑනි” කියමින්ය. 

මා බැඳලා ද, ළමයි කීයක් ඉන්නවාද, ළමයි හම්බවුනේ කොහොමද, අසමින්, විවිධ අංග චලන පෙන්වමින් මා, ලිංගිකව අපයෝජනය කරන ලදි. 

මේ සිද්ධිය අදාළව මා අදාල සියලූම අංශ වලට පැමිණිලි කර ඇති අතර, එ් හා අදාළ පරීක්ෂණ ද පැවැත්වේ. නමුත් වසරක් ගතව ඇතත් කිසිම සාධාරණයක් සිදුව නැත.

එ් පසුබිම තුල, මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, මාගෙන් පළි ගැනීමට, පිළිගත් පටිපාටියෙන් බැහැරව, අනවශ්‍ය ”රාජකාරි වල” මා යොදවමින්, මා පීඩාවට පත් කරයි.


මේ ක‍්‍රියා පිළිවෙත නිසා, මා පමණක් නොව, මාගේ පාසල් යන දරුවන් දෙදෙනා ද, පොලිස් නිලධාරියෙකු වූ මාගේ සැමියා ද, දැඩි පීඩාවන්ට පත්ව තිබේ.

මා ඉල්ලා සිටින්නේ, කාන්තා පොලිස් නිලධාරිණියක් වූ මා, ලිංගිකව අපයෝජනයට පත් කරන ලද මෙම සිදුවීම හා මා සඳහන් කළ 2017.04.01 සිදුවීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද, පානදුර දකුණ පොලිස් ස්ථානයේ,

1. මූලස්ථාන පොලිස් පරීක්ෂක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා ට හා,

2. පාලන අංශයේ ස්ථානාධිපති පො.ප. කස්තුරිආරච්චි ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්, මාගේ ආරක්ෂාව සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසටත්ය.’’

මෙම  පොලිස් නිලධාරියා මාර්තු 8 වන දින 17 හැවරිදි පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දෙන ලදි. එම අපරාධය පිලිබඳව මේ දක්වාම කිසිදු නීතිමය පියවරක් ගෙන නැත. 

වීඩියෝව පහත දැක්වේ.

තම යටත් සේවකයන්ට බෙල්ලෙන් අල්ලා පහර දීමට තරම් හා භාවනා කරන්නැයි නියෝග කරන නීච තත්ත්වයකට පත්ව  සිටින පොලිස්පතියකු හා බෙලහීන පොලිස් කොමිසමක් පත්කරගෙන සිටින රටක මීට වඩා යමක් බලාපොරත්තු විය නොහැක. 

නමුත් මෙම තත්ත්වය වෙනස් කළ හැකිය. එ් පහළ පොලිස් නිලධාරීන්ට හා නිලධාරිණිියන්ට ඉහළ නිලධාරින්ගෙන් සිදුවන අතවර, හිංසාවන්ට එරෙහිව නැගි දීමට ධෛර්ය දිමට දිරි ගැන්වීමට බල ගැන්වීමට සිවිල් සමාජයේ දායකත්වය ලබා දිමෙන්ය. 

No comments:

Post a Comment