Thursday, March 22, 2018

ගෑනිව කපපු මිනිහව බේරන්න පොහොට්ටුවෙක් පනී.



රාජකාරි කරන ගමන් බීමත්ව පැමිණ, පිහියෙන් ඇන බිරිඳව මරා දමන්නට තැත් කළ සැමියාව, වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගත්තේ පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට දැනුම් දිමෙන් පසුවය. පෙලාලීසිය නීතිය ක‍්‍රියාත්මක නොකළේ එයට පොහොට්ටුවේ අවසරය නොලැබුන  නිසාය.

මේ බව අනාවරණය වන්නේ, 45 හැවිරිදි තිදරු මවක් විසින් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිල්ලෙනි. 

එම පැමිණිල්ලට අනුව අපරාධ සැකකරු වාද්දුව ප‍්‍රදදේශයේ රජයේ පාසලක මුරකරුය. මොහු  රාජකාරියට වාර්ගා කර, බිමතින් නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර තිබේ.

වාද්දුව පොලීසිය නිසි පරිදි පැමණිල්ල පවා ලියා නොගත් බවත් පොහොට්ටුවෙන් ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින ඉලංගගේ නැමති ප‍්‍රාදේශීය සභා නියෝජිතයාගේ බලපෑම්වලට යටව, වාද්දුව පොලීසිය අපරාධකරුවන්ව ආරක්ෂා කරන බවද, ඇය සිය පැමිණිල්ලෙන් වැඩි දරටත් කියා තිබේ.

ජනාධිපති මලයාව අත්අඩංගුවට ගන්න ජනාධිපති වරම ගන්න  ඕනැය. ඇමති ඥති පුතා අත්අඩංගුවට ගන්න ඇමති අවසරය ගන්න  ඕනෑය. දැන් පෝස්ටර් ගහන එකෙක් අල්ලන්න  ඕ.අයි.සී. ට ප‍්‍රාදේශීය සභානියෝජිතවරයාගේ අවසරය ගන්න  ඕනෑය. මේ උදාහරණයකි.

පොලිස්පතිවරයා කුජීතව ඇති, නීතිය හා සාමය බාර ඇමතිවරු විගඩම් බවට පත්ව තිබෙන රටක, යුක්තිය ඉටු කරගන්න සටන් වදින මිනිසුන්ට, අත්වැලක් වෙන්න. එම තත්ත්වයට ඔබ පත්වන්නට පෙර.


No comments:

Post a Comment