Monday, February 12, 2018

රිමාන්ඩ් කරවන්නේ ප‍්‍රතිකාර ගන්න ඉඩනොදි අපරාධය වසන් කරන්න




නීති විරා්ධිව අත්අඩංගුවට ගෙන දවස් 3ක් වධදෙමින් සිට මානව හිමිකම් කොමිසම ප‍්‍රශ්ණ කළාම උසාවි දමා රිමාන්ඩ් කරවිම ගැන බිරි`ද මානව හිමිකම් කොමිසම අමතන ලද ලිපියෙන් පොලීසිය හා උසාවිය අසරණයින් සම්බන්ධව යුක්තිය ඉටු කරන අන්දම පැහැදිලි වනු ඇත

සභාපතිනිය,
මානව හිමිකම් කොමිෂන් සභාව,
14, ආර්.එ්.ද මැල් මාවත, කොළඹ 04.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී, බොරු නඩු දැමීම.

කාන්ති අවු: 31යි, විවාහක, දරුවන් 03 යි, ගෘහණිය. වස්කඩුව.

2018.02.12 දිනදීය.

 සුගත්සිරි  අවු: 35 යි,රැකියාව: පොල් කැඞීම -  මාගේ සැමියා වේ.

01. 2018.01.30 වන දින, රාත‍්‍රියේ, වාද්දුවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.

02. 2018.02.03 වන දින, සෙනසුරාදා, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

03.--- නඩු අංක යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

04. වැඩ බලන ලද විනිසුරුවයාට, සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ කමලා ජයසිංහ -සැමියාට පහරදුන් බව හා 2018.01.30 වන දින අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කර සිටියා.

05. නමුත්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදිය යුතු බවට හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන ලෙසට හෝ නියෝග නොකර, 2018.02.05 දින දක්වා, රිමාන්ඞ් භාරයට පත් කලා.

06. 2018.02.05 වන දින, අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ, නීතිඥ කමලා ජයසිංහ -අධිකරණයට ප‍්‍රකාශ කලා - 2018.01.30 වන දින අත්අඩංගුවට ගන්නා ලද බව හා පහර දී ඇති බව.

එ් අවස්ථාවේ, සැමියාට විරුද්ධව තවත් නඩුවක් ඇති බව ප‍්‍රකාශ කල පොලිසිය, එය ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා සිටියා. 

07. එදින, දෙවන වර නඩුව කතා කළ අවස්ථාවේ, සැමියාට එරෙහිව 51663 දරන නඩුව ඉදිරිපත් කලා. එ් සොරකමක් පිළිබඳව.

08. එ් අවස්ථාවේ, පොලිසියේ ඉල්ලීම පරිදි, සැමියාව, 2018.02.12 දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කලා.

09. 2018.02.12 වන දින, අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ --රන නඩුවට ඇප ලබා දුන්නා.

-- නඩුව, පොලිසියේ ඉල්ලීම පරිදි, 2018.02.19 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන ලදි. 

2018.01.30 වන දින, අත්අඩංගුවට ගෙන, 2018.02.03 දින දක්වා, වාද්දුව පොලිසියේ රඳවා තබාගෙන, වධහිංසා පමුණූවමින්, මානව හිමිකම් කොමිෂම් සභාවට හා පොලිස්පතිට 2018.02.02 වන දින, පැමිණිලි කිරීමෙන් අනතුරුව, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයෙකුට ඉදිරිපත් කර, වෛද්‍ය ප‍්‍රථීකාර සඳහා හෝ අධිකරණ වෛද්‍යවරයාට යොමු නොකර, ව්‍යාජ නඩු දමා, රිමාන්ඩ භාරයේ තබා ගෙන සිටින්නේ, වධහිංසා පැමිණවීමේදී ඇතිවූ බාහිර තුවාල මැකීයන තෙක් බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, දින 03ක් වාද්දුව පොලිසියේ නීති විරෝධීව රඳවා තබාගෙන සිටිමින් වධහිංසා පමුණුවා, බොරු චෝදනා මත නඩු පැවරීමට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසටය.

එමෙන්ම තවදුරටත් ප‍්‍රමාද නොකර, මාගේ සැමියාව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසට, ක`ඵතර බන්ධනාගාර අධිකාරීවරයා ට නියෝග කරන ලෙසටය.

මෙයට,

 කාන්ති 
(බිරිඳ)

සටහන
මෙම පැමිණිල්ලට අදාලව, 2018.02.02 වන දින, සැමියා ගේ පියා වන  අපෝන්සු මයා, ලිඛිතව (ෆැක්ස් හා ලි.ප.තැ. මගින්)ද, 1996 ට වාචිකව ද, දැනුම් දුන් බව කාරුණිකව සලකන්න.
























No comments:

Post a Comment