Monday, January 15, 2018

පොලිස් ජීප් එකේ දාගෙන නිරුවත් ජායාරූප ගත්තේ භාවනා කරන්න. ඕ.අයි.සි මිල්ලනිය.


කෙස් වැටියෙන් අල්ලා බිම දා, ඇදගෙන ඇවිත් ජීප් එකට උස්සා දා, කකුල් දෙක, මැද සීට් එකේ උඩට තියෙන විදිහට බිම දිගා කර  ඕ.අයි.සී. පිටිපස්සෙන් නැග, බඩ උඩ කකුල් දෙක තියා ගත්තා. ඇඳ සිටි ඇදුම ඉවත්වී ඇය සම්පූර්ණයෙන් නිරුවත් වුනා. සම්පත් රාළහාමි වීඩියෝ කළා.

වැඩ බලන නඩුකාරයාට ඉදිරිපත් කරලා, රිමාන්ඞ් කෙරෙව්වා. බන්ධනාගාරයෙන් ඇයව රෝහල් ගත කලා. වීඩියෝ ඉදිරිපත් කරන්න තියෙනවා කියමින් උසාවිය ලවා දවස් 23ක් රිමාන්ඞ් එකේ තිබ්බා.

මිල්ලනිය පොලිස් වසමට අයත්, බෞද්ධ සිංහල මේ යුවල නීති විරෝධී මත්පැන් ජාවාරමේ නියැලූනු අය වෙති.

පසුගිය වසරේ ඔවුන්ගේ යතුරු පැදිය පොලිසියට ගෙන ගිය හිටපු ස්ථානාධිපති පී.එන්.ලිහිණියකුල , එම යතුරු පැදියේ චැසි හා එන්ජින් අංක කොටා මකා දමනු ලැබීය.

මෙම අපරාධය පිළිබඳව ඔවුන් පොලිස්පති ඇතුලූ බලධාරීන්ට පැමිණිලි කලද, පොලිස් පරීක්ෂක පී.එන්.ලිහිණියකුල නැමැති අපරාධකරු බේරා ගැනීමට ක‍්‍රියාකලා මිස රටේ නීතිය කි‍්‍රයාත්මක කළේ නැත. 

එදා සිට මේ දක්වාම කළේ යතුරු පැදිය පොලිසියෙන්  ගෙන යන ලෙසට බලපෑම් කිරීමය.

මෑතකදී ස්ථානාධිපති ලෙසට පත්ව ආ පො.ප. සංජීව ද, යතුරු පැදිය ගෙන යන ලෙසට ඔවුන්ට අණ කළේය.

චැසි හා එන්ජින් අංක මකා දැමූ යතුරු පැදිය ගෙනියන්නේ නැති බව ඔවුන් ඔහුට කියා සිටින ලදි.

එයට උරණ වූ මෙම ස්ථානාධිපතියා, ඉන්පසුව කරන ලද හදිය - ඇය විසින් පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුලූ වගකිව යුතු ආයතන වලට කර ඇති පහත දැක්වෙන පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

‘‘මිල්ලනිය පොලීසිය සිදුකරන අපරාධ වහාම වළක්වාලන ලෙසට කරණු ලබන ඉල්ලීම.
----- වයස අවු: 38, විවාහක, දරුවන් 04යි, ---------  2018.01.13 වන දින දීය.

(1) 2017.12.17 වන දින හෙරණ ම/උ --- නඩුවට අදාලව, අත්සන් කිරීම සඳහා මිල්ලනිය
    පොලිස් ස්ථානයට සැමියා ගියා.

(2) ඔහු ගෙදර ඇවිත්, උදේ බත් කමින් සිටියදී, දවල් 11.30 ට පමණ, මිල්ලනිය පොලීසියේ 
    ස්ථානාධිපති පො.ප. සංජීව, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක 
    ඇතුලූ හත්දෙනෙකු පැමිණියා.

(3) ස්ථානාධිපති නිල ඇඳුමින් සිටියා. අනෙක් අය හිටියේ සිවිල් ඇඳුමින්.

(4) ස්ථානාධිපති පො.ප. සංජීව, බයිසිකලය ගන්නේ නෑනේ, බොලාට ගන්න බැරි වෙන්නම නඩු
    දානවා කියමින් ගේ ඇතුලේ හා වත්තේ සැරිසරමින් පැය දෙකක් පමණ සෝදිසි කර කිසිවක් 
    සොයාගත නොහැකිව යන්න ගියා.

(5) දහවල් 1.00 ට පමණ අඳුරන්නේ නැති මුස්ලිම් ජාතිකයන් හතර දෙනෙක් ත‍්‍රී රෝද රථයකින් 
    පැමිණියා. එහි සිටි තිදෙනෙක් බැස, කඩුල්ල ළඟ සිටගෙන මාගෙන් අරක්කු පැකට් 05 ක් 
    ඉල්ලූවා.

(6) මම, මෙහේ අරක්කු නැහැ, ටිකකට ඉස්සරලා මෙහේට පොලීසියෙනුත් ආවා, බීලා
    නේද ඉන්නේ ඉක්මණට යන්න යැයි ඔවුන්ට කිව්වා.

(7) ඔවුන් යන්න ගියා.

(8) විනාඩි 15 කට පමණ පසුව එම මුස්ලිම් ජාතිකයන් හතර දෙනාව දාගෙන, මිල්ලනිය  පොලීසියේ ස්ථානාධිපති පො.ප. සංජීව, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක හා බංඩාර ඇතුලූ තවත් කිහිප දෙනෙක් පැමිණියා. සියලූ දෙනා සිටියේ සිවිල් පිට.

(9) පො.ප. සංජීව, උපුල් මෙහෙ වරෙන් යන්න යයි කියා මාගේ සැමියාට අඬ ගැහුවා.

(10) මා එ් ගැන ප‍්‍රශ්න කරමින්, සැමියාව අත්අඩංගුවට ගන්න එක වැළැක්වීමට ඉදරිපත්  වුණා.

(11) එ් අවස්ථාවේ සැමියාට, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක හා    බංඩාර යන අය අතින් පයින් පහර දෙමින් ජීප් එකට ඇදලා දැම්මා.

(12) එ් අතර රථ වාහන අංශයේ ස්ථානාධිපති වැදිසිංහ, සැරයන් ජයන්ත හා තවත් පිරිසක්  පැමිණියා. 

(13) සැමියාව දාගත්තේ දෙවනුව ආව ජීප් රථයට.

(14) මා ගෙට යන්න හදනකොට ස්ථානාධිපති පො.ප. සංජීව  ඕකිවත් දාගන්න යැයි කිව්වා.

(15) පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, මාගේ පස්සෙන් ඇවිත් කොණ්ඩෙන් අල්ලා ඇදගෙන  ආවා. මාව බිම වැටුණා. එසේ බිම දිගේ ඇදගෙන ඇවිත් හතර දෙනෙක් එකතු වී මාව ජීප්  එකේ බිමට දැම්මා. ඔලූව ෙදාර පැත්තට දමා, කකුල් දෙක මැද ෂීට් එකේ උඩට සිටින සේ 
 තමයි දැම්මේ. මා ඇඳ සිටි සාය ඉන ළඟටම එකතු වී ආවා. මට යට ඇඳුමක් ඇඳ සිටියේ   නැහැ. මාය සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා. ස්ථානාධිපති පො.ප. සංජීව මා අසල ෂීට් එකේ වාඩිවී ඔහුගේ කකුල් දෙක බඩ උඩින් තියා ගත්තා. මැද ෂීට් එකේ වාඩිවී සිටි පො.කො.  සම්පත් හැරී ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කළා. වීඩියෝ කරන අතර මගේ කකුල් ඇද පළල් කරා. මාගේ බෙල්ල පිටිපස්සෙ ෙදාරට තද වෙලා තිබුණා. මම හුස්ම ගන්න බෑ  කියා කෑගහන කොට කට වහපිය බැල්ලි කියමින් ස්ථානාධිපති පො.ප. සංජීව මට බැන්නා.

(16) මිල්ලනිය පොලීසියට ගෙන ආවායින් පසුව සැමියාව කූඩුවට දැම්මා.

(17) මාව, හතර දෙනෙකු ඇද උස්සා ජීප් එකෙන් එළියටගත්තා. කාන්තා පොලිස් නිලධාරීණියක්  ඇවිත් ඇඟ මැදින් උස්සා, පස් දෙනාම එකතු වී පොලීසියේ පිටුපස පිහිටි පිලට ගෙන ගොස්  දැම්මා.

(18) එදින රාත‍්‍රියේ සැමියා කූඩුවේ සිටියා. මාව සවස 6.30 ට විතර නැගිට්ටවා දෙන්නෙක් අල්ලාගෙන සැමියා හිටිය කූඩුව ඉදිරයෙන් බිම පැදුරක් දමා නිදාගන්න සැලැස්සුවා. එසේ  කළේ එ් වෙලාවේ රිසව් එකේ හිටිය සොයිසා නැමති නිලධාරියාය. මොනවා උනත්  මනුස්සයොනේ කියා මට පැනඩොල් දෙකක් හා මේස රෙද්ද පොරවා ගන්න දුන්නා. 

(19) එළිවනතුරු පොලිස් කාන්තාවක් හිටියේ නැහැ.

(20) උදේ 7.30 පමණ මාව හල්ගොට රජයේ රෝහලට ගෙන ගියා.

(21) එහි වෛද්‍යවරයෙක් සිටයේ නැති නිසා නැවත මාව පොලීසියට ගෙන ආවා.

(22) දවල් 11.00 ට පමණ මාව හා සැමියාව හොරණ මූලික රෝහලට ගෙන ගියා.

(23) රෝහලේ දී, අපව එහි රෝහල් පොලීසියට ගෙන ගියා.

(24) ඊට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන ගියා.

(25) පළමුව මාව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළා. වෛද්‍යවරයා මාගෙන් විස්තර   ඇසුවා. පහරදුන් බව කියා සිටියා. පහරදුන් ස්ථාන පෙන්වා සිටියා. එම ස්ථාන සියල් ඔහු  ළකුණු කර ගත්තා.

(26) ඉන්පසු මාව හා සැමියාව හොරණ මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ආවා. එවිට වේලාව 1.30  පමණ ඇති.

(27) අපව වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සුනිල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළා.

(28) වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සුනිල් ගුණරත්න මහතා හිටියේ කාමරයක.

(29) අපව කාමරයට ගත්තේ නැහැ. අප වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් මිරිහාන මයා, එළියේ  සිටි අපව ජනේලයෙන් අස්සෙන් පෙන්වා, ඇඳුම් ඉරී ඇති බව, තුවාල තිබෙන බව කියා  සිටියා.

(30) මා හා සැමියා එළියේ සිට ඇඳුම් ඉරී ඇති හැටි හා තුවාල වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයාට  පෙන්වා සිටියා.

(31) ඉන්පසුව අප 2017.12.20 දක්වා රිමාන්ඞ් බාරයට පත් කළා.

(32) බන්ධනාගාරයට ඇතුල් කරන විට රාත‍්‍රී 7.00 පමණ වුණා. බන්ධනාගාරයට ඇතුල් කළ පසු  මට නැගිට ගන්න බැරිව ගියා. හුස්ම ගන්න බැරි වුණා. වමනය ගියා. මෙයාව මෙහෙ  තියාගන්න බෑ කියා මාව එ් සමගම නාගොඩ මහ රෝහලට ගෙන ආවා. 

(33) නාගොඩ මහ රෝහලේදී මාව පරීකෂා කර 2 වාට්ටුවට ඇතුළත් කළා.

(34) 2018.12.19 වන දින සවස මාව, අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කළා.

(35) 2017.12.20 වන දින උදේ මාව බන්ධනාගාරයට ගෙන ගොස් දහවල් 12.30 ට පමණ  ගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කළා.

(36) ගරු අධිකරණයේදී, අප වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නුවන් මිරිහාන මයා, කරුණු දැක්වූවා. 

(37) නැවත 2018.01.02 වන දිනට නඩු කල් තිබ්බා. එතෙක් අපව නැවත රිමාන්ඞ් බාරයට පත් කළා. 

(38) අපට තේරුම් ගිය පරිදි එසේ 2017.12.20 දින අපට ඇප ලබා නොදුන්නේ, සිද්ධිය පිළිබඳ  වීඩියෝවක් ඉදිරිපත් කිරීමට තිබෙන බවට පොලීසිය කළ කරුණු දැක්වීමටය.

(39)  2018.01.02 වන දින ද වීඩියෝව ඉදිරිපත් කළේ නැහැ. එ් සඳහා තවත් කල් පොලීසිය ඉල්ලා  සිටියා.

(40) පොලීසියේ එම ඉල්ලීම මත නැවත 2018.01.09 දින දක්වා රිමාන්ඞ්ගත කළා.

(41) 2018.01.09 වන දින අධිකරණයට ඉදිරිපත් කළ විට, නැවත වීඩියෝව ඉදිරිපත් කරන්නට  පොලිසියෙන් කල් ඉල්ලා සිටියා.

(42 ) නමුත් එම ඉල්ලීම ප‍්‍රත්කෂේප කළ ගරු අධිකරණය අපව ශරීර ඇප මත මුදා හැරියා.

මා ඉල්ලා සිටින්නේ, 
මිල්ලනිය පොලීසියේ හිටපු ස්ථානාධිපති පො.ප. පී.එන්. ලිහිනියකුල විසින් මාගේ සැමියාගේ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන එහි චැසි හා එන්ජින් අංක මකා දමා කරන ලද අපරාධය වසන් කිරීම සඳහා වර්තමාන ස්ථනාධිපති පො.ප. සංජිව යන අය, එම සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් එක්ව කරන ලද බලපෑම්වලට  ඔහු අවනත නොවීම නිසා 2017.12.17 දින ඉහත විස්තර කළ අපරාධය වසන් නොකර කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙහිදී මොවුන් මා අත්අඩංගුවට ගෙන පහර දී බිම දිගේ ඇගෙන ගොස් උස්සා, නිරුවත් වන ආකාරයට ජීප් රථයට දමා නිරුවතින් සිටි මාව වීඩියෝගත කර ඉන් අනතුරුව පොලීසියේදී, මාව නින්දා අපහාසවලට භාජනය කර, අධිකරණයට බොරු ප‍්‍රකාශ කර, දින 23 ක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද,

මිල්ලනිය පොලිසියේ, 
01. ස්ථානාධිපති පො.ප. සංජීව, 02. පො.කො. සම්පත්, 03. පො.කො. දීපශාන්ත, 
04. පො.කො. චින්තක, 
සහ එයට සම්බන්ධ වූ අනෙක් නිලධාරීන්ට එරෙහිව නොපමාව පරීක්ෂණ ආරම්භ කර, නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
  
-------------------------- ’’ 

No comments:

Post a Comment