Tuesday, December 19, 2017

ජනපති සිරිසේන සෞඛ්‍ය ඇමති කාලයේ දුන් පත්වීමක් උසාවිය අහෝසි කරයි.



සෞඛ්‍ය අමාත්‍යංශයේ, වත්මන් ජීව ඉංජිනේරු වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පත්වීම අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම තනතුර සඳහා ජනප‍්‍රිය කරුණාතිලක මහතාව පත්කරන ලෙසට නියෝග කළේය.

රාජපක්ෂ රෙජිමය තුළ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත‍්‍රීපාල සිරිසේන, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රමුඛ විසිහත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද, මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ඉහත නියෝගය ලබාදෙන ලදි. 

මෙම නඩුව, ජනප‍්‍රිය කරුණාතිලක පවරනු ලැබුවේ 2004 වසරේදීය. 2017.11.27 තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.

ජනප‍්‍රිය කරුණාතිලක මහතා කියා සිටියේ තමාට හිමිවිය යුතු තනතුරු නොදී, වත්මන් අධ්‍යක්ෂධූරය දරන එස්.එස්.අයි.හේරත් ට ලබා දුන්නේ, වැඩිදුර ළකුණු 20ක් නීතිවිරෝධී ලෙස ලබා දෙමින්ය.

ළකුණු 49 පමණක් හිමිවිය යුතු වත්මන් අධ්‍යාක්ෂවරයාට, අදාල නැති ළකුණු 20ක් ලබා දී ඇති බවත්, එ් මගින් තනතුර අහිමිකල ජනප‍්‍රිය කරුණාතිලකට ළකුණූ 67ක් හිමිව සිටි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප‍්‍රකාශයට පත්කර තිබින.

මෙම තීන්දුවෙන් වත්මන් අධ්‍යක්ෂ එස්.එස්.අයි.හේරත් ට තනතුර අහිමි වේ. එමෙන්ම අසාධාරණයට ලක්වූ ජනප‍්‍රිය කරුණාතිලකට සුදුසුකම් මත පත්වීම හිමිවේ. 

රටේ සෞඛ්‍ය සේවය - ඉහළම ස්ථාවරයේ මෙවන්   දුෂණ සිදුවනවානම්, පහළ ශ්‍රේණිවල අන්ත අප‍්‍රමාණ  දුණ ගැන කවර කථාද? 

මේ අකාරයට, අදාල නැති ළකුණු 20 ක් ලබාදී, තනතුරු ලබාදීමට, එවක සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුලූ බලධාරීන් ක‍්‍රියා කළේ - කුමන පදනමක් මතද යන්න පැහැදිළි කල යුතුය.නියමිත සුදුසුකම් නොමැති අයට තනතුුරු ලබාදීම සේම, තනතුරු ලබා ගැනීමද - පහත්, නිවට, නීච ක‍්‍රියාවකි.

තනතුරු දෙන්නා මෙන්ම ලබන්නාද එකසේ දුෂණයට අක‍්‍රමිකතාවට වරදකරුවන්ය.

යහපාලනය ගැන, තමා දුෂිතයෙකු නොවන බව, පුලපුලා කියන ජනාධිපති සිරිසේන, එ් බව ඔප්පු කළ යුතුයි. 

සුදුස්සන් සිටියදී, නීතියට පිටතින් ගොස් අදාළ නැති ළකුණු එකතු කර, වැඩි ළකුණු ගත් අයට තනතුර දුන් බවට, එදා මොහු හා සෞඛ්‍ය බලධාරීන්, ප‍්‍රශ්ණ කරන්නන්ට පවසන්නට ඇත. දැන් මොකද කියන්නේ ?? 

No comments:

Post a Comment