Friday, November 3, 2017

නිතිඥ සංගමය හොරාගේ වහේගෙන් පේන අසා තීන්දු දෙයි.



දරුවන් 9 දෙනෙකුගේ මවක්. වැන්දඹුවක් වන සිරියාවතී මහත්මිය රජයේ තක්සේරුව රු: ලක්ෂ හැටපන්දහසක්  වන, වෙළඳපොල වටිනාකම ලක්ෂ සියයකට වඩා වැඩි ගෙයක් සහිත ඉඩම, ලක්ෂ 7කට වංචා සහගතව ලියන ලද නීතිඥවරියක් ගැන නීතිඥ සංගමයට කරන ලද පැමිණිල්ලට ලැබුණ පිළිතුර :- 

‘‘ ඔබ විසින් ඉහත නම් සඳහන් (නීතිඥ ඉමල්කා විජේවීර) නීතිඥ මහත්මියට විරුද්ධව අප වෙත එවන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එකී නීතිඥ මහත්මියගේ නිරීක්ෂණ, අප සංගමයේ වෘත්තීය විනය කමිටු සභාපතිතුමා විසින් තරයේ සලකා බැලීමෙන් අනතුරුව, ඔබගේ පැමිණිල්ලට අදාළ කාරණය සම්බන්ධයෙන් දැනටමත් ක`ඵතර ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයේ තීන්දුවක් ලබාදී ඇති බැවින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අප සංගමයට කටයුතු කළ නොහැකි බව ඔබ වෙත දන්වා සිටින ලෙස මා වෙත දන්වා ඇත.”  අ/ක. සුරානි සමරසේකර ප.ලේ ....’’

මෙම ලිපියට පිළිතුරු ලිපියක් ඇය 2017.02. 13 දාතමින්  යවන ලදි. නමුත් පිළිතුරක් නැත. 

සියලූ තොරතුරු සොයා ගැනිමේන් අනතුරුව ඇය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වාට ලියන ලද ලිපිය පහත දක්වමු. මෙහි පිටපත නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ද යවා ඇත. සියලූ විස්තර අප සතුව ඇත. 


‘‘ඔබගේ අංකය : MISC/SEC/322/16 -  දිනය : 2017.01.04

එම්. සිරියාවති 
ක`ඵතර දකුණ

2017.11.01

නී. යූ.ආර්.ද. සිල්වා මයා
සභාපති
නිතිඥ සංගමය
153, මිහිදු මාවත
කොළඹ 02

මහත්මයාණනි

නීතිඥ ඉමල්කා විජේවීර ට විරුද්ධව කරන ලද පැමිණිල්ල.

උක්ත කාරණය අදාලව මා විසින් 2017.01.04 දාතමින් ඔබ අමතන ලද ලිපියට මේ දක්වාම පිළිතුරක් නැත. 

එයට පිලිතුරු නොඑවන ලද්දේ බරපතල වංචාවක් සිදුකළ නීතිඥ ඉමල්කා විජේවීර ආරක්ෂා කරගැනීමටය.

අවශ්‍ය තොරතුරු ඔබ විසින් මා වෙත නොඑවුවත්, නීතිඥ ඉමල්කා විජේවීර විසින් ඔබට දන්වා සිටි ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අදාල නඩු වාර්තාව ලබාගැනීමට මට හැකිවූ බව දන්වමි.

එම වාර්තාවට අනුව මා විසින්, කරන ලද පැමිණිල්ල විමර්ශනය කළ, ක`ඵතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. විජේකෝන් විසින්, අංක 63226 යටතේ, 2016.08.12 දින, නීතිඥ ඉමල්කා විජේවීරට, ද.නි.ස. 459, 454 යටතේ නඩු පවරා ඇත.

එම නඩුවට, එම පොලිස් නිලධාරියා විසින්ම, 2016.09.09 දාතමින් වැඩිදුර වාර්තාවක් මගින් නඩුව, ඉදිරියට පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව අධිකරණයට සැලකර, බී1 වශයෙන් අංක ගතකරන ලෙසට ඉල්ලා ඇත.

මහේස්ත‍්‍රාත් අධිකරණය, එම අධිකරණයේම වෘත්තීය කටයුතුවල නියැලෙන නීතිඥ ඉමල්කා විජේවීරට එරෙහිව ඇති නඩුව, පොලීසියේ ඉල්ලීමට ඉඩදී, බී1 ලෙස අංක ගතකර ඇත.

රජයේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ හැටපන්දහසක් වන, වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් නිවස හා ඉඩම රුපියල් ලක්ෂ 7 කට විකිණීම වංචාවක්, ¥ෂණයක් නොවන්නේ නම්, එ් බව තීරණය කළ යුතුව ඇත.

ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද 63226 නඩුව වංචාවකි. මෙය නීතිඥ ඉමල්කා විජේවීර බේරා ගැනීම සඳහා සැලසුම්සහගතව කරන ලද කූඨ ක‍්‍රියාවකි.

නීතිඥ ඉමල්කා විජේවීරගේ පියා ආන්නද විජේවීර, හිටපු පොලිස් නිලධාරියෙකි. ඇයගේ සොහොයුරා අදටත් ක`ඵතර උතුර පොලීසියේ නිලධාරියෙකි.

ඔබ කර ඇත්තේ, දුෂිත, වංචාකාරී නීතිඥවරියක් වන ඉමල්කා විජේවීර ආරක්ෂා කිරීමය.

මෙයට,

එම්. සිරියාවතී

පිටපත :
01. රන්ජන් රාමනායක මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය
     සමාජ සවිබල ගැන්වීම, සුභසාධක හා උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
     1 වන මහළ, සෙත්සිරිපාය (දෙවන අදියර), බත්තරමුල්ල

ඉල්ලීම : මෙම බරපතල වංචාව මගින්, මට හා මාගේ දරුවන්ට හිමි රුපියල් ලක්ෂ හැටපන්දහසක්, (රජයේ ඇස්තමේන්තුව) වටිනා ඉඩම හා ගෙය අහිමි කර ඇතිවා පමණක් නොව රජයට අය විය යුතු විශාල මුදලක් අහිමි කර ඇත.

තවද මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ප‍්‍රශ්න ඇත. එ් සියල්ල වසන් කර මෙම නීතිඥවරිය  වංචාසහගතව, කූඨ ලෙස ඔප්පු ලියා තිබේ. එය නීතිඥ සංගමය විසින් සාධාරණය කර  ඇත. පොලීසිය වංචාව යට ගසා ඇත. මේ සම්බන්ධ අනෙකුත් රාජ්‍ය ආයතන අද  දක්වාම නිසි පියවර ගෙන නැත.

මෙම කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස හා අදාල ආයතනවලට ඉදිරිපත් කර  යුක්තිය ඉෂ්ඨකර දෙන මෙන්  ඉල්ලමි. සියලූ කරුණු සත්‍ය බවත්, අවශ්‍ය  ඕනෑම විටක එම කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත්වන බවත් ප‍්‍රකාශ කරමි.   


සටහන:-
  අධිකරණ පද්ධතියේ දුෂණ ගැන කථා කිරිම ‘‘උසාවියට අපහස කිරමක් ලෙසට’’ හංවාඩු ගසා පිඩාවට පත්වන ජනතාව භිය වැද්දීමට දරන උත්සහය පරාජය කළ යුතුව තිබේ. ‘‘යහපාලනය’’ යනු නීතිය මත පාලනයයි. 

No comments:

Post a Comment