Sunday, November 26, 2017

යූ.ඇන්.පී. ප‍්‍රාදේශීය සභා නියෝජිතයෙකු මිනීමැරම් චෝදනාව වෙනස් කර ගන්නට යයි.


මෙම උත්සාහයේ යෙදී සිටින්නේ රත්නපුර මහාධිකරණයේ දැනට පවතින මිනීමැරම් නඩුවක පළමු චූදිත වන ලලිත් බෝතුංග ආරච්චි නැමැත්තාය.

මොහුගෙන් මැරුම් කෑමට ලක්වූයේ ර/ගිලීමලේ සමනල විද්‍යාලයේ එවකට විදුහල්පතිව සිටි, එල්.ජී.පෙරේරා මහතාය.

ටියුෂන් ගුරුවරයෙකු වූ ලලිත් බෝතුංග ආරච්චි නැමැති එවක, යූ.එන්.පී. ප‍්‍රාදේශීය සභා නියෝජිතවරයාගේ බලපෑම්වලට අවනත නොවී, තම පාසලේ සිසු දරුවන්ට උපරිම ලෙස ඉගැන්වීම් කටයුතුවල නිරතවීම ඔහු මරා දැමීමට හේතුව බව ප‍්‍රකාශ වේ.

එල්.ජී.පෙරේරා මහතාගේ බිරිඳ ”චෝදනාව’’ වෙනස් කරවීමට රජයේ නීතිඥවරයා මෙන්ම, විත්තිකරුගේ නීතිඥවරු ගන්නා උත්සාහයට විරුද්ධත්වය පළකර සිටී.

වත්මන් අධිකරණ ඇමතිනී තලතා අතුකොරල ගේ සමීප ආධාරකරුවෙකු ලෙසට පෙනී සිටින, ලලිත් බෝතුංග ආරච්චිගේ උත්සාහය වන්නේ, මිනීමැරුම් චෝදනාව වෙනස්කරවාගෙන කෙටියෙන් නඩුව අවසන් කර ගැනීමටය.

එනම් ”නාමික දඬුවමක්” ලබාගෙන එළඹෙන ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමටය.

මෙම කාරණය අදාල, එල්.ජී.පෙරේරා මහතාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ බිරිඳවන ලියනගේ මහත්මිය විසින් නීතිපති අමතන ලද, ලිපිය මගින් පවතින තත්ත්වය පැහැදිළිවනු ඇත. එම ලිපිය පහත දක්වමු.

"HCR 66/13 මහාධිකරණය රත්නපුරය. 
දැනට රත්නපුර මහාධිකරණයේ, විභාග වෙමින් පවතින ඉහත නඩුවේ, මරණකරු එල්.ජී.පෙරේරා මහතාගේ බිරිඳ වශයෙන් පහත සඳහන් කරුණු ඔබ අවධානය සඳහා ඉදිරිපත් කරමි.

01. ර/ගිලිමලේ සමනල මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරන සමයේදී, 2009.01.04 දින, විද්‍යාල භූමියට පැමිණි, චූදිතයින් දෙදෙනා, පොලූ, කඩුරැුගෙනවිත්, පහර දෙන ලදි. 

එම පහරදීමේ ප‍්‍රතිඵලයෙන් එ් අවස්ථාවේදීම ඔහු මිය යන ලදි.

2. මෙම අපරාධය පිළීබඳව රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක බී.ආර්.16/09 යටතේ පැවැති ලඝු නොවන නඩු විභාගයෙන් අනතුරුව, ඔබ විසින්, අපරාධ සැකකරුවන් වූ,
   1. ලලිත් බෝතුංග ආරච්චි
   2. ගාලූකා ගමගේ අජිත් බණ්ඩාර

එරෙහිව, ද.නි.සං 296 වගන්තිය යටතේ මිනී මැරීමේ චෝදනා නගා තිබේ.

3. 2015.06.15 දින නඩුවාරයේදී, රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා, අධිචෝදනා පත‍්‍රයේ සඳහන් අධිචෝදනා සංශෝධනය කිරීම මගින් නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කර ගැනීමට හැකියාවක් ඇද්ද යන්න සලකා බැලීම සඳහා, දින ඉල්ලා සිටින ලදි.

4. මේ ඉල්ලීම, මාගේ වැටහීමට අනුව, ද.නි.සං.296 වගන්තිය, මිනීමැරුම් චෝදනාව, වෙනස් කරවා, ගැනීමට කරන ලද උත්සාහයකි.

ගරු නීතිපතිතුමනි,
5. 1. පළමු විත්තිකරු ලලිත් බෝතුංග ආරච්චි, 6 සිට 11 ශ්‍රේණි දක්වා, ගණිතය විෂය ”උගන්වන ටියුෂන් පංති පවත්වන ගුරුවරයෙක්.

    11. මෙම කාලවකවානුව තුල, රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ, එක්සත් ජාතික පක්ෂ නියෝජතියා වශයෙන්, ක‍්‍රියාකාරී දේශපාලනයේ නියැලූනු අයෙකි.

    111. මාගේ සැමියා ගේ පාසැලේ සිසුන්, මොහු විසින් , පාසල ඉදිරිපිට පවත්වාගෙන යන ලද   ” ටියුෂන්” පංතියට, නොඑවීම මත, වෛර බැඳගෙන සිටින ලදි.

    1ඩ. 2008.12.28 දින අප නිවසට, හතර දෙනෙකු සමග පැමිණි 1 වන විත්තිකරු හා 2 වන විත්තිකරු, පාසැලේ විදුහල්පති කමෙන් ඉවත් නොවුනහොත් මරණ බවට තර්ජණය කර, යන ලදි.

ඩ. මෙම මරණීය තර්ජණය කිරීම රත්නපුර පොලිසියට හා කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරන ලදි. 

ඩ1. මෙම පැමිණිල්ල පිලිබඳව 2008.12.31 දින දෙපාර්ශවය කැඳවන ලදි. නමුත් පළමු විත්තිකරු පංතිය තිබෙන නිසා පැමිණීමට නොහැකි බව දන්වන ලදි. එ් අනුව 2009.01.01 දින කැඳවන ලදි.

ඩ11ග එ් අනුව මෙම මරණීය තර්ජණය කිරීම පිළිබඳව රත්නපුර පොලිසිය, 2009.01.01 දින දෙපාර්ශවය කැඳවා, කටඋත්තර ලබා ගන්නා ලදි.

ඩ111. 2009.01.05 දින නව වසරට පාසැල් වාරය ආරම්භ කිරීමට පෙර දින, එනම් 2009.01.04 දින පාසැලේ සූදානම් කර තිබූ ශ‍්‍රමදනයට සහභාගී වෙනිම් සිටියදී, මෙම මරා දැමීම සිදුකරනු ලැබීය.

ගරු නීතිපති තුමනි,

06. මෙම පසුබිම යටතේ, පළමු විත්තිකරු සිය දේශපාලන හා දාමරික බලය උපයෝගී කරගෙන, සංවිධානය වී සිදු කරන ලද මේ මිනීමැරුම ”කෙටියෙන් වසන්” කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටිමි.

07. මාගේ දැනීමේ හැටියට ”කෙටියෙන් අවසන්” කිරීම යන්නෙන් අදහස් කරන්නේ, ”මිනීමැරීමේ” චෝදනා වෙනුවට වෙනත් චෝදනාවක් ආදේශ කරවා ගෙන, එම ආදේශ කරන ලද චෝදනාවට වැරදිකරු බව අධීකරණයේ පිළීගැනීමට අවස්ථා උදාකර ගැනීමය.

එමගින්, ඔහුට ”නාමික” දඩුවමක් අධිකරණයෙන් ලබා ගැනීමට හැකිවනු ඇත.

8. එ් ”නාමික” දඩුවම ඔහුට මොනයම් හෝ ආකාරයකට බල නොපානු ඇත.

9. ඉදිරි මැතිවරණයේදී, යලිත් ඔහු එක්සත් ජාතික පක්ෂ, ප‍්‍රාදේශීය සභා නියෝජිත වශයෙන් අපරාධ කර නිදහස් විය හැකි බවට පූර්වාදර්ශය කරවනු ඇත.

10. මෙම මහා අපරාධය සම්බන්ධයෙන් තම ජීවිත පරදුවට තබා, සාක්ෂි දුන් සියල්ලටම බලවත් තර්ජණයක් වනු ඇත.

11. මාගේ හා පවුලේ උදවියට මොහුගෙන් තර්ජණ එල්ලවනු ඇත.

එම තත්වයන් කෙසේවෙතත්, මෙම නඩු චෝදනා වෙනස් නොකර, නඩුව විභාග කොට, යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලා සිටමි.

මෙයට,

එච්.ජී.අයි.ලියනගේ.
(මරණකරුගේ බිරිඳ.)



























No comments:

Post a Comment