Friday, November 24, 2017

පො.ප.පූජිතගේ ”භාවනාව” ප‍්‍ර.පො.ප.සුජිත් අධෝමාර්ගයට ඇතු`ඵ කරයි.



අමරසිංහ සිල් පද පහ අකුරටම පිළිපදින්නෙක්. දකුණේ සිංහලේ ඇති බෞද්ධයෙක්. මොහු ගිය මස රාත‍්‍රී 9.00ට පමණ, තම ත‍්‍රී රෝද රථයට තෙල් ගසාගෙන, ගෙදර යමින් සිටියදී, මග රැුක සිටි ඌරගස්මංහංදියේ පොලිසියේ කට්ටිය, ඔහුව නවත්වා, නම ගම අසා, ලයිසන් ඉන්ෂුවරන්ස් අරගෙන පරීක්ෂාවට ලක් කරන ලදි.

කිසිම වරදක් සොයා ගැනීමට නොහැකි වූ තැන, රියදුරු බලපත‍්‍රය පරණ යයි චෝදනා කරන ලදි. පරණ වුනත් වලංගු නේද යයි අමරසිංහ පොලිස් කාරයින්ගෙන් අසා ඇත.

එවිට මේ පොලිස් කාරයෝ පොලිසි කුඩුවට යනවාද ගෙදර යනවාද කියා අසා ඇත. තමාට අවශ්‍ය ගෙදර යන්න බව පැවසූ විට, එහෙනම් ‘‘මොනවා හරි කරන්න’’ යයි කියා ඇත.

අමරසිංහට මෙය ප්‍රෙහෙලිකාවක් විය. ඔහු ”සර්ලා මොනවා හරි කරලා මට ගෙදර යන්න ඉඩදෙන්න” යයි පොලිස් කාරයින්ගෙන් නොවදිමින් ඉල්ලා තිබේ.

”පකයා” යන ගෞරව නාමයෙන්, අමරසිංහ ඇමතූ පොලිස් කාරයෝ, ඔහුව පොලිසියට ගෙන ගොස්, කූඩුවේ දමා, ”බීමතින් රිය පැදවීම” යන චෝදනාව මත උසාවි දමන බවට සඳහන් කර, තාවකාලික රියදුරු බලපත‍්‍රය නිකුත් කරන ලදි.

මෙම සිදුවීමට දෙමළ ජාතිකයෙකුට හෝ මුස්ලිම ජාතිකයෙකුට හෝ මුහුණ පාන්නට සිදුවූවානම් එය       ”ජාතිවාදී” ප‍්‍රශ්ණයක් වනු ඇත. වෙනම රටක් ඉල්ලා සිටීම සර්ව සාධාරණ බව ඔප්පු කිරීමට යොදා ගනු ඇත. 

අවාසනාවකට මෙම පාදඩ, නීච ක‍්‍රියාවට මුහුණ දෙන්නට සිදුවූයේ දකුණේ සිංහලේ බෞද්ධයෙකුටය. පස් පවින් වැළකී සිටින්නෙකුටය.

පොලිස්පති පූජිතගේ ”භාවනාව”, ස්ථානාධිපති ප‍්‍ර.පො.ප.සුජිත් විසින්, අධෝමාර්ගයට ප‍්‍රවිශ්ඨ කරවා, පගාව නොදෙනවුන්ට කරන දේ නවත්වන්න ”භාවනාවට” බැරි බව ඔප්පුකර සිටියේය. 

ඌරගස්මංහංදය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප.සුජිත්, අමරසිංහ මයාගේ රියදුරු බලපත‍්‍රය ලබා නොදී රඳවා තබාගෙන සිටී.

කියවන්න - අමරසිංහ මහතා, බලධාරින්ට යවන ලද ලිපිය. 

පගාව නොදුන්න නිසා, රියදුරු බලපත‍්‍රය රඳවාගෙන, පීඩාවට පත් කිරීම, වධහිංසාවට පත් කිරීම, ව්‍යාජ චෝදනා නැගීම මගින් රටේ නිතිය උල්ලංඝණය කිරිම.

‘‘ 2017.10.18 වන දින රාත‍්‍රී 9.00 ට පමණ, මා ඇල්පිටිය,  අලූත්ගම පාර, 06 කණූව, පිරවුම් හලේ සිට නිවස බලා එන අතර, හිපන්කන්ද ගමට යන පාරේ, තුන්මං හංදිය අසලදී , මාව, පොලිසියෙන් නැවැත්වූවා. 
ඔවුන් මා පැදවූ, මාගේ ීඡු ශ’ – 6707 ත‍්‍රී රෝද රථයේ ”ලයිසන්, ඉන්ෂූවරන්ස්” ඉල්ලූවා.

මා මාගේ රියදුරු බලපත‍්‍රය, රථයේ ලයිසන් හා ඉන්ෂූවරන්ස්, එහි සිටි චන්ද්‍රතිලක නැමති නිලධාරියාගේ අතට පත් කලා. එය පරීක්ෂා කළ ඔහු, මගේ රියදුරු බලපත‍්‍රය ‘‘පරණ’’ යයි කිව්වා. මා ඔහුට ”පරණ” නැති බව කිව්වා. ඉන්පසු ඔහු මගේ රැකියාව මොකක්ද කියා ඇහුව්වා. මා විස්තර කලා. එවිට ඔහු ලයිසන් එක ‘‘පරණ’’ නැති වුනත් ’’බීලා’’ ඉන්නේ යයි චෝදනා කලා. 

මා කිසි දිනක ‘‘බීලා’’ නැති බව ප‍්‍රකාශ කලා. 

පසුව මෙම චන්ද්‍රතිලක නිලධාරියා, ගෙදර යන්න  ඕනි නම්, අර මහත්තයා එක්ක කතා කරගන්න යයි කියා අසල සිටි ‘‘සිල්වා 2105’’ නැමැති නිලධාරියා ලඟට යැව්වා.

සිල්වා 2105, මට කිව්වා දැන් මොකද කරන්නේ, ‘‘බීලා’’ නේ ඉන්නේ කිව්වා. 

මා ඔහුට ද, කිසි දිනක මා මත්පැන් පානය නොකරන බව කිව්වා. 

එවිට ඔහු මා අසලටම පැමිණ, ඉව කර බලා, හොඳටම බීලා, ගදේ බැහැ කියා පවසා සිටියා.

එවිට, ඔහු පොලිසියේ ‘‘කූඩුවට’’ යනවාද, ගෙදර යනවාද කියා අසා සිටියා. මා කිව්වා මට ගෙදර යන්න  ඕනි කියා. 

එහෙනම් මොනවා හරි කරන්න යයි ‘‘සිල්වා 2105’’ නිලධාරියා කියා සිටියා. 

මා ඔහුට ‘‘මහත්තයා මොනවා හරි කරන්න’’ යයි කියා ඉල්ලා සිටියා.

ඔහු එවිට, තර්ජණාත්මකව, උඹට සිංහල තේරෙන්නේ නැද්ද, ගෙදර යන්න ‘‘ ඕනි නම් මොනවා හරි කරපන්’’ යයි කියා සිටියා. 

එවිට ‘‘සර්ලා මොනවා හරි කරලා’’ මට ගෙදර යන්න දෙන්න යයි මා ඉල්ලා සිටියා. 

සිල්වා 2105 නිලධාරියා ‘‘නැගපන් පකයා ජීප් එකට’’ යයි මට කිව්වා. 

මම ජීප් එකට නැග්ගා. මා ජීප් රථයට නැග, ‘‘සර් මගේ ත‍්‍රී විල් එකට මොකද කරන්නේ යයි සිල්වා 2105 නිලධාරියා ගෙන්’’ ඇහුව්වා.

ත‍්‍රීවිල් එක ‘‘අපි ගේනවා යකෝ’’ යයි ඔහු කිව්වා.

ටික වේලාවක් ජීප් රථය තුල ඉන්න කොට, සිල්වා 2105 නිලධාරියා මට ‘‘ජීප් එකෙන් බැහැලා, ත‍්‍රී විල් එකට නැගපන්’’ කිව්වා.

මා සමග ත‍්‍රීවිල් එකට, චන්ද්‍රතිලක නිලධාරියා ද නැග්ගා. 

මාව පොලිසියට ගෙනගොස්, ඇතුලූ කාමරයකට ගෙන ගියා. එහිදී සිල්වා 2105 හා චන්ද්‍රතිලක යන නිලධාරින් උඹ බීලා ඉන්නේ, ගෙ`ද් බෑ, යයි කියමින් මට බැණ වැදුනා. එ් වෙලාවේ එතන කුමාරදාස 28274 හා කේ.පී.කුමාර 34273 යන නිලධාරින්ද සිටියා. 

එ් අවස්ථාවේ, අත්අඩංගුවට ගත් බෙලිගස්වේල්ල, ඌරගස්මංහංදිය හි පදිංචි - ප‍්‍රදීප් කුමාර සමරක්කොඩි නැමැති පුද්ගලයා සිල්වා 2105 නිලධාරියා අසල හිටියා. ටික වේලාවකින් සිල්වා 2105 මට එතනට කතා කලා. එ් අවස්ථාවේ මා දුටුවා පුම්බන ලද බැලූමක් මේසය උඩ තිබුනා. එ් අවස්ථාවේ 2105 සිල්වා මට ඔහු අත තිබූ බැලූමක් පුම්බන්න දුන්නා.

මම ‘‘සිල්වා 2105’’ නිලධාරියාට කිව්වා, මාව වෛද්‍යවරයකු ලඟට ගෙනියන්න කියා. එවිට         ”පකයා” ෙදාස්තරට වඩා මේක ෂුවර් කියමින් ඔහු මට බැන වැදුනා.

ඉන්පසු ඔහු, 28274 කුමාරදාස  හා 59691 චන්ද්‍රතිලක යන නිලධාරීන් ලඟට මට යන්න කිව්වා. 

2017.10.25 දින උසාවියේදී ලයිසන් නැහැ කියලා පිලිගනින් යයි ඔවුන් කිව්වා. මම එවිට, ලයිසන් නැහැ කියන්න බෑනේ, ලයිසන් එක තියෙනවා නේද කියා ඔවුන්ට කිව්වා.

එවිට කුමාරදාස 28274 මා අත තිබූ රියදුරු බලපත‍්‍රය උදුරා ගෙන මට කුණුහරප කියමින් ගොඩින් බේරා ගන්න තිබුනු එකනේ, දැන් කූඩුවට පලයන් කියා, ඔවුන් පොතකට ලියන ලද ප‍්‍රකාශයකට මගෙන් අත්සන් ගත්තා. කියවන්න දුන්නේ හෝ කියවා තේරුම් කර දුන්නේ නැහැ. 

මට තාවකාලික බලපත‍්‍රයක් ලබාදී, මාව කූඩුවට දැම්මා.

පැයක් පමණ ඉන්නකොට, පොලිසියේ නිලධාරියෙක්, මොකද කූඩුවේ තියාගෙන ඉන්නේ කියා අසා, රිසව් එකෙන්, මගේ දුරකථනය අරගෙන, මාගේ අයියා ගේ පුතාට කතාකරලා ගෙන්නා ගත්තා. 

මගේ අයියාගේ පුතා, නදුන් රෝහිත පැමිණ ‘‘ඇපයට’’ අත්සන් කර මාව එළියට ගත්තා.

එවට වේලාව, පසු දින (2017.10.19* අලූයම 12.30 - 1.00  ට පමණ ඇත.
මා මාගේ ඥති පුත‍්‍රයා වන නදුන් රෝහිත සමග, ඇල්පිටිය දිසා රෝහලට ගියා.

මා රෝහලට ගියේ, මට කූඩුව තුල ක්ලාන්තය හැදුනු නිසාත්, තද හිසේ රුදාව හා පපුව හිරවීමට පටන් ගත්ත නිසාය.

මාව රොහලේ දී පරික්ෂාවට ලක් කලා. සියලූම පරීක්ෂා වලින් පසුව, එදිනම සවස 6.00 ට පමණ රෝහලින් පිට කළා.

වෛද්‍ය පරීක්ෂණ වලින්, මා මත්පැන් පානය කර නැති බව පමණක් නොව, කිසි දිනක මත්පැන් හෝ දුම්පානය හෝ නොකරන බව තහවුරු වුනා. (වාර්තාව අමුණා ඇත*.

එයින් පසුව,

මට නියම කල පරිදි 2017.10.25 දින, ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියා. 

නීතිඥ අවන් රුවන්පුර හා නීතිඥ නිලන්ති හේවගේ දෙදෙනා මා වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් කරනු ලැබුවා.

එදින මට විරුද්ධව නඩුවක් පවරා තිබුනේ නැහැ.

මාගේ නීතිඥයින්, එ් පිළිබඳ අධිකරණයට පැමිණ සිටි පොලිස් නිලධාරීන් ගෙන් විමසුවා. එම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කලා, අද දින ගෙනාවේ නෑ, ලබන සතියේ ඉදිරිපත් කරනවා කියා. 

එ් අනුව, 2017.11.01 දින, මා අධිකරණයේ පෙනී සිටියා. 

නමුත් එදින ද නඩුව පවරා තිබුනේ නැහැ. 

අධිකරණයට පැමිණ සිටි, ඌරගස්මංහංදිය පොලිසියේ නිලධාරියා, නඩුවක් දාන්නේ නැහැ, සවස පොලිසියට ඇවිත් රියදුරු බලපත‍්‍රය ලබාගන්න යයි මට කියා සිටියා.

එ් අනුව, 2017.11.01 දින, සවස 4.00 ට පමණ ඌරගස්මංහංදිය පොලිසියට ගොස්, උසාවියේදී මට එන්න කියපු, රථවාහන අංශයේ, සැරයන් සුනිල් ව හමුවුනා.

ඔහු මට ස්ථානාධීපති ප‍්‍ර.පො.ප. කේ.එච්.සුජිත් ප‍්‍රියන්ත එනතෙක් ඉන්න යයි කිව්වා.

සවස 6.00 වනතුරු මා පොලිසියේ සිටියා. නමුත් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. කේ.එච්.සුජිත් ප‍්‍රියන්ත පැමිණීයේ නැහැ.

ඊට පසුව, 2017.11.02 හා 201711.03 සවස ගියා. නමුත් හමුවුනේ නැහැ. 

2017.11.05 දින උදේ 9.30 ට ඔහුව මුණගැසුනා. රියදුරු බලපත‍්‍රය ලබා දීම ප‍්‍රතික්ෂේප කර, තාවකාලික බලපත‍්‍රය 2017.11.19 දින දක්වා දීරඝ කර දුන්නා. 

2017.11.19 දින මා උදේ 9.30 ට පොලිසියට ගොස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. කේ.එච්.සුජිත් ප‍්‍රියන්ත හමුවූ විට, රියදුරු බලපත‍්‍ර ලබාදීම ප‍්‍රතික්ෂේප කොට, 2017.12.02 දින දක්වා දීර්ඝ කර දෙනු ලැබීය.

2017.10.21 දින මා, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී හමුවී මේ ගැන පැමිණිලි කලා. ඔහු ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රකාශය ගැනීමේදී එය ලියාගත් තරු දෙකක් සහිතව නිල ඇඳුමින් සිටි  නිලධාරියකු (දුටුවොත් අඳුනාගත හැක*, මා බිය වද්දන්න උත්සාහ ගත්තා. මාගේ පැමිණිල්ල ලියන්න පෙර තව හිතන්න යයි කියා සිටියා. මෙයින් මා අධෛර්යයට පත් වුනා. එහෙත් මා ප‍්‍රකාශය ලබා දුන්නා. මට විරුද්ධව නඩු දාන බව ඔහු කියා සිටියා.

2017.10.31 දින, දහවල් 11 ට පමණ 2105 සිල්වා නිලධාරියා, අබේරත්න නැමැති නිලධාරියා සමග මාගේ නිවසට පැමිණ, මාගේ කකුල් දෙක අල්ලා වැන්දා. අපෙන් වරදක් වුනා, සමාවෙන්න, රස්සාව බේරා දෙන්න යයි වඳිමින් ඉල්ලා සිටියා. උසාවි යන්න සල්ලි දෙන්නාම්, වරදකරු කියා උසාවියේදී පිළිගන්න, අපි දඩය ගෙවන්න සල්ලි දෙන්නම් යයි කිව්වා. මා එය ප‍්‍රතික්ෂේප කලා.

එදින සවස 28274 කුමාරදාස හා 2105සිල්වා  නිලධාරින් නැවත් පැමිණියා. නමුත් ඔවුන්ව හමුවීම මා ප‍්‍රතික්ෂේප කලා. 

මේ ආකාරයට කිහිප විටක්ම මා මුණගැසීමට ඔවුන් උත්සාහ දරා තිබුනා.

මා ස්ථානාධීපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප‍්‍රසන්න හමුවී නඩු පවරන එක ඉවත් කරන ලෙසට ඉල්ලා සිටි අවස්ථාවේ ”බැලූම පුම්බලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ’’ යයි මට කියා සිටියා. 

එලෙසින්ම, දින කිහිපයක් ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් අංක 41 එ්, හිපන්කන්ද ග‍්‍රාම නිලධාරිණිය හමුවී මාගේ චරිතය පිළිබඳව විමසීම් කර තිබේ. එලෙසින්ම ගම්වැසියන්ගෙන්ද මා පිළිබඳ තොරතුරු විමසා තිබේ.

1. අල්ලස් නොදුන් නිසා, අත්අඩංගුවට ගෙන, අවමන් සහගත සැලකිලිවලට භාජණය කොට, පොලිස් කූඩුවේ දමා, අමූලික බොරු චෝදනාවක් නගා, පොලිස් ඇප මත මුදාහැර, උසාවි පැමිණීමට නියෝග කිරීම,

2. නියමිත දින උසාවියට ගොස් ඉදිරිපත් වූ විට, නඩුව නොදමා, වෙනත් දිනයක උසාවි එන ලෙසට නියම කිරීම.

3. අත්අඩංගුවට ගත් රියදුරු බලපත‍්‍රය 2017.10.18 දින සිට 2017.12.02  දින දක්වා, රඳවා තබාගෙන සිටීම,

යන- මේ නීති විරෝධී, අශීලාචාර ක‍්‍රියාවන් මගින් ඌරගස්මංහංදිය පොලිසියේ,
   1. ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. කේ.එච්.සුජිත් ප‍්‍රියන්ත 
   2. පොලිස් නිලධාරී 2105 සිල්වා
   3. පොලිස් නිලධාරී 59691 චන්ද්‍රතිලක
   4. පොලිස් නිලධාරී 28274 කුමාරදාස 
   5. පොලිස් නිලධාරී 34273 කේ.පී.කුමාර 
   6. ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 
   7. ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ ඉහත කී තරු දෙකක් සහිතව නිල ඇඳුමින් සිටි 
 නිලධාරියා(දුටුවොත් අඳුනාගත හැක*,

මාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය කරන ලද බව අවධාරයෙන් ප‍්‍රකාශ කරමි. 

තවද, ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. සුජිත් ප‍්‍රියන්ත, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී සහා ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ තරු දෙකක් සහිතව නිල ඇඳුමින් සිටි (දුටුවොත් අඳුනාගත හැක* නිලධාරියා,

යන නිලධාරින් මෙම නීති විරෝධි ක‍්‍රියාව ට එරෙහිව පියවර නොගැනීම මගින් ඔවුන්ද මෙම අල්ලස් ගැනීමට සම්බන්ධ බව ප‍්‍රකාශ කරමි. 
   

මා ඉල්ලා සිටින්නේ, මෙම නීති විරෝධී ක‍්‍රීයාව සිදුකල, එම නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීම හා ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත් ඉහත නම ්සඳහන් සියලූම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මට ආරක්ෂාව සලසන ලෙසයට. ව්‍යාජ නඩු දැමිම් වළක්වන ලෙසටය. 

බුදුන් ඉදිරියේ තබාගෙන භාවනා කරන මෙම නිලධාරින් බුදන්ට නිගා දෙන බව වැඩි දුරටත් ප‍්‍රකාශ කරන්නේ පස් පවින් වැළිීි සිටින්නෙකු වශයෙනි. 

මෙයට,

හේවාහකුරු ආරියසිංහ

පිටපත්:-

01.  ලේකම්, නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධන අමාත්‍යංශය.

02.  සභාපති/ ලේකම්, ජාතික පොලිස් කොමිසම් සභාව

No comments:

Post a Comment