Friday, November 3, 2017

ඉල් පෝය දින පොලිස් මෙසේජ් එක - බුදු සරණයි .....


ඉල් පෝය දිනයේ ”මාගේ කාර්යාල” එන ලෙසට ලැබුණ පොලිස් පණිවුඩය රැගෙන, බෞද්ධ කොඩිවලින් සරසා තිබූ පානදුර දකුණ පොලීසියට ගිය විට, කිරිබත් වළඳමින් සිටි නිලධාරියෙක් එය බලා වැල්ලේ පොලීසියට යන්න යැයි ඔහුට කීය.

අන්දමන්ද වූ ඔහු පොලිස්පති පූජිත ජයසුන්දරට  ඒ ගැන ලියන ලදි. 


 ශ‍්‍රී ලංකාවේ බෞද්ධ පොලීසිය ”යහපාලනය” ගොඩනගන්නට දායක වන අයුරු තේරුම් ගැනීම සඳහා ඔහු  පොලිස්පති ට යවන ලද ලිපිය පහත දක්වමු.


‘  2017.11.03

පූජිත ජයසුන්දර මහතා
පොලිස්පති                 
පොලිස් මූලස්ථානය       
කොළඹ 01

කැ`දවීමක් පිළිබඳව.

මේ සමග, ක`ඵතර උතුර පොලීසිය විසින් බාරදී ගොස් තිබූ, පනිවුඩ පෝරමයේ පිටපත ඉදිරිපත් කරමි.

එහි, ‘‘2017.11.03 දින පැය 10.00 ට’’ මාගේ කාර්යාලයට පැමිණ මා හමුවන ලෙසට දන්වා ඇත.

නමුත්, මා හමුවිය යුත්තේ කවුරුන්ද, කුමන කාර්යාලයක් ද කියා, සඳහන්ව නැත. මේ පිළිබඳව ඔබගේ අවධානය කැඳවමි.

මෙයට,

අ.ක/ ............ප‍්‍රියන්ත

පිටපත : ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය,
බෟද්ධාලෝක මාවත, කොළඹ 07
සැ.යු. මෙම කැඳවීම මා විසින්, ඔබට කරන ලද පැමිණිල්ලකට අදාලව බව සඳහන් වේ. එහෙයින් නිසි පියවර ගන්නා මෙන් ඉල්ලමි.





,                         







No comments:

Post a Comment