Wednesday, October 25, 2017

උසාවියේ හරක් බලාගත්තු ”ගාන්ධි” ට හය මසක් සිර බත් කවයි

.

”ගාන්ධි, ට දවස් 12 ක් නාහයෙන් කෑම ගන්නට සිද්ධ කළේ,  තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් වරයාගේ නියෝගයේ ප‍්‍රථිඵලයෙනි.

හැත්තෑ දෙහැවිරිදි, හත් දරු පියෙක් වන හෙට්ටිපොල, ගල්කූරුතැන්නේ  රංජිත් දිසානායක මහත්මා, වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, අවිහිංසාවාදියෙකි. නිර්මාංශිකයෙකි.

තම පුද්ගලික ධනයෙන්, ආර්ථීක වශයෙන් ප‍්‍රයෝජනයට ගත නොහැකි මී හා එළ ගවයන් බාරගෙන රැුක බලා ගැනීම කරන මොහු, සුවිශේෂී පුද්ගලයෙකි.

ගැසට් කර තිබෙන - ඔහුගේ සත්ව සුරැුකුම් මධ්‍යස්ථානයට, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන ගවයින්, රැුක බලාගැනීමටද බාරදෙනු ලැබේ. එම ගවයින් උසාවියෙන් ගෙනවිත් බාර දෙන්නෙත්, ආපසු උසාවියට ගෙනයන්නෙත් පොලිසි යයි.

මෙම පසුබිම යටතේ, 2015 නොවැම්බර් මස තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුට ගවයින් 07කු රැුක බලාගැනීමට බාර දෙන ලදි. ඔහු එම ගවයින් වසරකට වැඩි කාලයක් රැුකබලා ගන්නා ලදි. එ් අතර, ගවයින් හතර දෙනෙකු රෝගීව මිය යන ලදි.

2017 ජනවාරි මස, ඔහුව තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට කැඳවා, ගවයින් ගෙන ආවාදැයි ප‍්‍රශ්ණ කරන ලදි. එවිට ඔහු තමාට ගවයින් ගෙනත් දුන්නේ පොලිසියෙන් බවත්, එ් නිසා පොලිසියට එම ගවයින් ආපසු ගෙන එන ලෙසට නියෝග කරන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

සම්ප‍්‍රදායිකව මෙම හරක් නඩුවට අදාල චූදිතයින් වූ හිමාස් සහ නවුෂාඞ්, ඔවුන්ට විරුද්ධව නගා තිබු චෝදනාවලට වරදකරුවන් බව පිළිගෙන, නියම කළ දඩ ගෙවා සතුටින් ගෙදර යන ලදි.

හරක් ප‍්‍රවාහනය කරන ලද, අත් අඩංගුවට ගත් ලොරියද පරම අයිතිකරුට මුදාහරින ලදි. 

එයින් අනතුරුව, මොහිදින් සියාස් මොහොමඞ් අධිකරණයට ඉදිරිපත්ව, තමා සිංහල නොදත් බව ප‍්‍රකාශ කර, ගවයින් තමාගේ බව ප‍්‍රකාශ කරන ලදි. එහෙත් නඩු වාර්තාවට අනුව මොහු සිංහල බෞද්ධයෙකි. 

අධිකරණය, ගවයින් හත් දෙනාව මොහිදින් සියාස් ට බාර දෙන ලෙසට, රංජිත් දිසානායකට නියම කරන ලදි. රංජිත් දිසානායකට, කරුණු දැක්වීමට අධිකරණයෙන් ඉඩක් නොවීය.

තේලදෙණිය දිසා/මහේස්ත‍්‍රාත් ෆෙරින් ඞීන් මහතා, මිය ගිය හරක් වෙනුවෙන් වන්දි අයිතිකරු බවට ඉදිරිපත් වූ මොහිදින් සියාස් ට ගෙවන්නට නියම කර, එතෙක් රංජිත් දිසානායකව  රඳවා තබන්නට නියම කරන ලදි. 

තමන්ට තෙල්දෙණිය විනිසුරුවරයා කළ අපරාධය සම්බන්ධයෙන්, අගවිනිසුරු වරයාට ඉදිරිපත් කරන්ලද දිවුරුම් ප‍්‍රකාශයයේ යේ මෙසේ සඳහන් වේ.


 ‘‘ .............. මාගේ වයසද අවුරුදු 72යි, ජා.හැ.අ.451834649ඪ, විවාහක, දරුවන් 07 යි, රැුකියාව : විදුලි  
       කාර්මික සහා සත්ව සුරැුකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම. මා ශ‍්‍රී ලාංකික 
       පුඅරවැසියෙක්මි.

........... ”සත්ව සුරැුකුම් මධ්‍යස්ථානය” සත්ව නිෂ්පාදන සහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2010 
     ඔක්තොම්බර් සිට ලියා පදිංචි ආයතනයක් බවත්, කිසිදු දේශීය හා විදේශීය ආධාරයක් ලබා 
     නොගන්නා අතර, මා හා බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන බව,  

....... මෙහි අරමුණ, ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනයට ගත නොහැකි මී හා එළ ගවයන් බාරගෙන
     රැුකබලා ගැනීම බව, එයට අමතරව, අධිකරණය මගින් ද මී හා එළ ගවයන් 
     අපට රැුක බලා ගැනීමට බාර දෙනු ලබන බව්, මේ වන විට මී හා එළ ගවයන් හතලිස් 
     දෙදෙනකු පමණ මා බාරයේ සිටින බව්, එම ගවයන් ගෙන් ලබා ගන්නා කිරි අතිරික්තය 
     පෙර පාසැල් වලට දහම් පාසැල් වලට ලබාදෙන අතර, කිසි විටෙකත් විකිණීම සිදු නොකරනු 
     ලබන බව, එම සතුන් මා පාලනය කරන ඉඩමේ ගැවසෙමින් මිය ඇදෙන තෙක් සිටින 
     බව .

....... මෙම පසුබිම යටතේ, 2015 නොවැම්බර් මස 25 දින, තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය,
    අංක ”බී” 939/15 යටතේ මී හරක් 04 කු  හා එල හරක් 03 කු මට බාර දෙන ලද බව  

........ මෙම හරකුන් 07  ගෙන්, මී හරක් හතර දෙනෙක්, 2016.02.10, 2016.03.14, 2016.04.06  හා 
    2016.101.11 වන දිනයන් හිදි, රෝගි ව මියයන ලද බව, එම මරණ සියල්ල අදාල පශු 
    වෛද්‍යවරයොගේ හා ග‍්‍රාම නිලධාරීවරයාගේ සහතික තිබෙනා බව, 

........... මෙම වාර්තාවන් මා විසින් 2016.12.20 වන දින ලියා පදිංචි තැපෑලෙන් තෙල්දෙණිය 
    මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් වෙත යවනු ලැබූ බව

...........තෙල්දෙණිය පොලිසිය විසින්, මෙම සතුන් බාරදීම සඳහා, 2016.11.21 වන දින, තෙල්දෙණිය 
     මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙනු ලැබූ බව්, එහෙත් එදින 
     අසනීපයෙන් සිටි නිසා, අධිකරණයට පෙනී සිටීමට නොහැකි බව මා, මාගේ දියණිය මගින් 
     ගරු අධීකරණයට දැනුම් දෙන ලද බව 

......... ඊළඟ නඩු දිනය වූ, 2017.01.09 වන දින, මා, ගරු අධිකරණයේ පෙනී සිටින ලද බව,
    මාගේ නම අඩ ගැසූ අවස්ථාවේ, මා අධිකරණය ඉදිරියට ගිය විට, ගවයින් ගෙන ආවාදැයි,
    ගරු අධිකරණය මාගෙන් විමසා සිටි බව, ගවයන් මට ගෙනත් දුන්නේ පොලිසියෙන් බව්, 
    පොලිසියෙන්ම ගවයින් ආපසු ගෙනයන ලෙසට නියම කරන ලෙසටත් මා ගරු අධිකරණයෙන් 
    ඉල්ලා සිටි බව 

............ එමෙන්ම ගවයින් හතර දෙනෙක් දැනට මියගොස් ඇති බවට ප‍්‍රකාශ කර, එ් හා අදාල පශු 
    වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කලද එය බාර ගැනිම ප‍්‍රතික්ෂේප කළ බව, මියගිය ගවයන්ට 
    වන්දි ගෙවන ලෙසටත්, ඉතිරි ගවයන්ව  බාරදීමට නියම කර, බැ`දුකරයට අනුව මුදල් 
    තැන්පත් කරන ලෙසට නියම කල බව

......... මාව බන්ධණාගාර නිලධාරී, රැුගෙන ගොස් අධිකරණයේ කූඩුවට දැමූ බව, එම කූඩුව තුල 
    මාගේ රුධිර පීඩනය වැඩි වී, සිහි නැතිව වැටෙන ලද බව, බන්ධණාගර නිලධාරීන් මාව, 
    තෙල්දෙණිය රජයේ රෝහලට ඇතුලත් කරන ලද බව, එදිනම රාත‍්‍රියේ මාව, මහනුවර 
    ශීීක්ෂණ මහා රෝහලට මාරු කරනු ලැබූ බව

......... මහනුවර ශීක්ෂණ මහා රෝහලේ 33 වාට්ටුවට ඇතුලත් කර, එම වාට්ටුවේ දින 04ක් පමණ
    තබාගෙන 40 වාට්ටුවට ඇතුලත් කරනු ලැබූ බව, මෙම කාලය තුල මට ඔක්සිජන් හා 
    සේලයින් ලබාදෙන ලද බවත්, දියර ආහාර නාසයෙන් බට දමා දිමට උත්සහා ගත් බව

......... දවස් 12 කට පමණ පසුව, මාව නැවත බන්ධනාගාරයට මුදා හරිනු ලැබූ බවත්, දුම්බර 
    බන්ධණාගාරයේදී මාව ”ඞී” හා ”සී” වාට්ටුවල තබන ලද බව 

......... බන්ධණාගාරයේදී මට විරුද්ධව චෝදනාව සතුන් ප‍්‍රවාහනය කිරීමේ වරද බව, මාස 06 ක 
    සිර දඩුවමක් නියම කර ඇති බවත් දැනගනු ලැබ බව 

.......... මා, 2017.05.12 වන දින මාව මහුදාහැරීමෙන් පසුව, මට විරුද්දව චෝදනාව බන්ධණාගාර
    යෙන් විමසා සිටි බව්, එම විමසීම් වලට, බන්ධණාගාරයෙන් මට 2017.05.17 හා බෝ/බන්‍ධ 
    /ලිලි/රි.ස/2017 දරන හා 2017.06.09 හා බෝ/බන්‍ධ/ලිලි/සිර/7513/2017 දරන පිළිතුරු ලිපි 
    ලැබුන බව ප‍්‍රකාශ කර සිටිමි.

.......... පළමු ලිපියේ චෝදනාව සඳහන්ව නැති බව,  නමුත් දෙවන ලිපියේ චෝදනාව සඳහන් වන 
    බව,  ඒ අනුව චෝදනාව බලපත‍්‍ර නොමැතිව ගවයන් ප‍්‍රවාහනය කිරීම බව, අමුණා ඇති 
    බව ප‍්‍රකාශ කර සිටිමි.

......... මේ සියලූම කරුණූ වලින් තහවුරු වුනේ ,
     සොරකම් කරන ලද බවට හා අධිකරණය බලපත‍්‍ර රහිතව ප‍්‍රවාහනය කල බවට 
      චූදිතයින් වරද පිළිගෙන ඇති මෙම නඩුවේ - 

  0.1 වරදකරුවන් වූ චූදිතයින්, එක් අයෙකු රු: 5100/= බැගින් දඩ මුදලක් ගෙවා, නිදහස් 
            වීමට සැලැස්වීම,

        0.2 ගවයන් ප‍්‍රවාහනය කල ලොරියද මුදාහැරීම  ට ගරු අධිකරණය, පියවර ගෙන ඇති 
            බව,
      
............... එයින් අනතුරුව ගවයන් අයිතිකරු බවට අධිකරණයට ඉදිරිපත්ව, නීති විරෝධීව ප‍්‍රවාහනය 
    කරන ලද ගවයන් හත් දෙනාව තමාට මුදා හරින ලෙසට, තෙල්දෙණිය, කුඹූක්කපුර, අංක
    14/1, ලිපිනයේ පදිංචි මෙහෙදින් සියාස් මොහොමඞ් නැමැත්තා ගරු අධිකරණයෙන් ඉල්ලා 
    සිටි බව 

........... ගරු අධිකරණය මොහුගේ ඉල්ලීම පිළිගෙන, එම හරකුන්, ඔහුට අයත් බව නිගමනය කර, 
    රැුකවරණය සඳහා මට බාරදුන් හරකුන් ඔහුට බාරදීමට නියම කරන ලද බව 

............ එම හරකුන් ගරු අධිකරණය මට බාර දීමේදී අත්සන් කරන ලද බැදුම්කරය ට අනුව, ගණන් 
    බලන ලද මුදල ගෙවන තෙක් මා බන්ධණාගාරගත කරන ලෙසටද නියම කරන ලද බව 
     
...............................21. එම හරකුන් මියගියේ කෙසේද යන්න විමසීමට - ගරු අධිකරණයට අවශ්‍ය නොවූ බවත්, එ් සඳහා කරන ලද ඉල්ලීමට ද මාහට අවස්ථාව ලබා නොදුන් බව 

......... එම හරකුන් ගේ වටිනාකම කොපමණද යයි ගණන් බලන ලෙසට සඳහන් කලද, එය කරන්නේ කවුද, කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිගමනයක් නැති බව 

.......... මේ අනුව, මා ජීවිතාන්තය දක්වාම රඳවා ගෙන සිටීමට කල නියෝගයක් බව  

........... පෙර සඳහන් කළ පරිදි බන්ධානාගාරය පවසන්නේ, කර ඇති වරද බලපත‍්‍ර රහිතව හරකුන් 
    ප‍්‍රවාහනය කිරීම වන බව, මෙය මහා පුදුම තීන්දුවක් බව, මෙම තීන්දුව දුන්න විනිසුරුවරයා තෙල්දෙණිය දිසා/මහේස්ත‍්‍රාත් එම්.එච්.ෆෙරික්ඞීන් මහතා බව
    
........... නඩුවේ විත්තිකරුවන් වුයේ එ්. ඒ. එම්. හිමාස්  හා එච්.එ්.නවුුෂාඞ් වන බවත්, හරක් හිමියා 
    ලෙසට ඉදිරිපත් වූයේ මොහිදින් සියාස් මොහොමඞ් බව

.......... මෙම, හරක් හිමිකරු වශයෙන් ඉදිරිපත් වූ මොහිදින් සියාස් මොහොමඞ් සිංහල නොදත්
     කම්කරුවකු බව ප‍්‍රකාශ කර ඇති නමුත් කම්කරුවකු නොවන බව, සිංහල බස නොදන්නා
     අයෙක්ද නොවන බව, නඩු වාර්තාවේ කුමක් සඳහන් වුවද මොහු සිංහලයකු ද නොවන 
     බව, බෞද්ධයෙකු ද නොවන බව, මොහු ප‍්‍රදේශයේ ප‍්‍රකට හොර හරක් ජාවාරම් කරුවකු 
     වන බව ප‍්‍රකාශ කර සිටිමි.

....... මේ පිළිබඳව - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පැවැත්වුවහොත් මා 
    කියන්නේ සත්‍ය බව ඔප්පු වන බව 

.......... මාව විනිසුරු එච්.එම්.ෆෙරික්ඞීන් මයා ගේ නියෝගය මත,,  දින 122 බන්ධණාගාරයේ තබන
    ලද බව, එ් අධිකරණය මා බාරයට පත්කල හරකුන් හත්දෙනෙකු  මාගේ වියදමින් රැුක බලා 
    ගැනීම නිසා, ආදේශ කරන ලද බලපත‍්‍ර රහිතව ප‍්‍රවාහනය කිරිම වරදට බව,   

............ එසේම අධිකරණයෙන් රැුකබලා ගැනීමට දෙන ලද හරක් රැුක බලාගැනීම, බලපත‍්‍ර නැතිව 
    ප‍්‍රවාහනය කිරීමක්ද යන්න ගැට`ඵවක් බව 

.............නීති විරෝධි ව ගවයින් ප‍්‍රවාහනය කිරිම යන අභුත චෝදනාව මත සිරගත කිරිම නිසා මාගේ 
    ජිවනොපාය මාර්ග අඩාලව ජිවත්වීම අසිරු තත්වයකට පත්වු බව  

සටහන:-
ගව ඝාතකාගාර වල සිටින ගවයින්ට ජිවිතදානය මිනිසුනේ, කථා කරමු හරක් හොරු ගැන. 


No comments:

Post a Comment