Wednesday, July 12, 2017

කලූතර උතුර ‘‘පැනෝරාමා’’ අනවසර ඉදිකිරීම් රකින්නේ කවුද ?



රටේ පවතින සියලූම නීති රීති රෙගුලාසි උල්ලංඝණය කරමින් ඉදිකර තිබෙන හා ඉදිකරගෙන යමින් පවතින, දැවැන්ත පරිසර විනාශයකට හේතු වූ ක`ථතර උතුර, පැනෝරාමා හෝටලයේ අයිතිකරුවන්, රකින්නේ කව්ද ?

මේ ප‍්‍රශ්ණය අසන්නේ, කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් අනවසර නීති විරෝධී ඉදිකිරීම් සිදු කරන මෙම පැනෝරාමා හෝටලය - සියලූම දේශපාලන පක්ෂවල ප‍්‍රාදේශීය නායකයින් හා උසස් පොලිස් නිලධාරීන් විසින් තම සුඛ විහරණ සඳහා විලිලැජ්ජා නැතිව - භාවිතා කරන නිසාය.

ක`ඵතර නගර සභාව, ප‍්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් - මෙම පැනෝරාමා හෝටලයේ අනවසර ඉදිකිරීම්, නීති විරෝධී ක‍්‍රියාවන් රැුසක් ලිඛිතව පෙන්වාදී, එ්වා වහාම ඉවත් කරන ලෙසට දැනුම් දී , අදාල පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධීකාරියට යොමු කර ඇත. එහෙත් - මේ දක්වාම ගන්නා ලද නීතිමය පියවරක් නැත. අනවසර ඉදිකිරිම් අඛන්ඩව සිදුකර ගෙන යන අසල් විසියන් බලධාරින්ට පෙන්වා දි තිබේ.

දුප්පතුන්ගේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට නොපසුබට වන නාගරික සංවර්ධන අධිකාරිය, මේ ඉදිකිරීම් වලට අත තියන්නේ නැත්තේ ඇයි ? එ් පිලිබඳව එහි අයිතිකරුවන් වූ ආර්.ඉන්දික ප්‍රේමලාල් හා ඔහුගේ බිරිඳ ඉහළ ගමගේ අමාලි ඉනෝකා ගයාත‍්‍රි දෙදෙනාට එරෙහිව නීතිමය පියවර නොගන්නේ ඇයි?


No comments:

Post a Comment