Saturday, July 1, 2017

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු පොලිසියේ පහකට මරණ දඬුවම


මෙසේ මරණ දඬුවම හිමිවුයේ  මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ පේ‍්‍රමරත්න(53),  ලූනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52), මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49), දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප‍්‍රියංග ලියනගේ(49) නිවිතිගල පොලිසිය යන අය වලූන්ටය. 
මෙයට අවුරුදු 23කට පෙර,  1990 ජුනි 1 දින කොල්ලකෑමේ චෝදනාව මත බණ්ඩාරගම අටළුගම පදිංචි මොහොමඞ් මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශනය සිදු කරන අතර මෙම ඝාතණය කර තිබින.  
පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ ගින අවියක් පත්තුවීමෙන් සැකකරු මරණයට පත්වු බව පොලිසියේ නිදහසට කරුණ විය. 
නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණ දණ්ඩනය නියම කළාය.
මෙම නඩුවේ තින්දුව ප‍්‍රකාශවුයේ සිද්ධියෙන් වසර 23 කට පසුවය. 

මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවේ. එ් නිසා මෙම දඬුවම නාමිකය. සමාජයට බලපැමක් නැත. අප මරණ දඬුවමට විරුද්ධය. කථිකාවට ලක් කළ යුත්තේ දඬුවම නොව ප‍්‍රමාදය ගැනය. මේ වසර 23පුරා මෙම අපරාධකාර පොලිස්කාරයින් අතින් තව කොපමණ අපරාධ සිදුවන්නට ඇද්ද යන්න හා ඔවුන් ට මහජන මුදලින් පඩි ගෙව්වේ කෙසේද යන්න ගැනය. 

No comments:

Post a Comment