Friday, June 9, 2017

වධකයා නිදහස් කිරීම! මහාධිකරණ තීන්දුව ආපස්සට හරවයි.



2002 අප්‍රේල් 18 වන දින කඳාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක වර්ණකුලසූරිය මහවඩුගේ රොහාන් ප‍්‍රසංග පීරිස් ප‍්‍රමුඛ පොලිස් කාරයින්, ලලිත් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන, කෲර අමානුෂික වධහිංසා හා අවමන් සහගත සැලිකිලිවලට භාජනය කරන ලදි.

ඉන් අනතුරුව, ශ‍්‍රී ලංකා පොලිසියේ සුපුරුදු ක‍්‍රමවේදය අනුගමනය කරමින්, වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ බොරු නඩු තුනක් සමගය.

එම අවස්ථාවේ සිට, ආසියානු මානව හිමිකම් කොමිෂම, ලලිත් රාජපක්ෂ ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෘජුව මැදිහත් විය. යුක්තිය ඉටු කරවා ගැනීම, ශ‍්‍රී ලංකා අධිකරණ ක‍්‍රියාපටිපාටිය තුල දීර්ඝ ගමනකට පියවර තැබීය.

බොරු නඩුවලින් ලලිත් රාජපක්ෂ ගේ නිර්දෝෂී භාවය ඔප්පු විය. වධ හිංසා පැමිණවීම අදාල දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය බලපෑම් හමුවේ, නීතිපති වරයා, 2003 ජූලි 23 දින වධහිංසා පනත යටතේ, වර්ණකුලසූරිය මහවඩුගේ රොහාන් ප‍්‍රසංග පීරිස් එරෙහිව, මීගමුව මහාධීකණයේ නඩු පවරන ලදි.

2008.10.09 වන දින මෙම නඩුවේ, තීන්දුව ප‍්‍රකාශයට පත්කල මීගමුව මහාධීකරණ විනිසුරු, චූදිත  වර්ණකුලසූරිය මහවඩුගේ රොහාන් ප‍්‍රසංග පීරිස් ව චෝදනාවලින් නිදහස් කරන ලදි.

මෙම තීන්දුව අභීයෝගයට ලක්කරමින්, අභායාචනාධිකරණය ඉදිරියේ ඇපෑලක් ඉදිරිපත් කිරීමට, ලලිත් රාජපක්ෂ වෙනුවෙන් ආසියානු මානව හිමිකම් කොමිෂම පියවර ගනු ලැබීය.

එම ඇපෑල සලකා බැලූ අභීයාචනාධීකරණය, විනිසුරු එල්.ජයසූරිය මයා ගේ එකඟතාවය අනුව, විනිසුරු දීපාලී විජේසුන්දර මිය විසින්, මහාධීකරණ තීන්දුව ඉවත ලෑමට නියෝග කර මෙම නඩුවනැවත විභාග කරන ලෙසට, මීගමුව මහාධිකරණයට නියෝග කරනු ලැබීය.

මේ අනුව, යලිත් වරක්, මෙම නඩුව විභාගයට ගනු ඇත. එහි තීන්දුව ලැබෙන තෙක් බලා සිටිය යුතුයි.

කෙසේ වෙතත්, 2002 සිට මේ දක්වා, අධිකරණ ක‍්‍රියාපටිපාටය විවෘතව, සංවාදයකට ලක්කල යුතුව තිබේ. 

මිය යන තෙක්ම, තම මුණුපුරා වු ලලිත් රාජපක්ෂ ගේ අයිතීන් වෙනුවෙන් නොසැලී පෙනී සිටියේ එලාරිස් මහතා ය. ඔහුගේ ධෛර්යය හා කැපවීම මානව හිමිකම් ආරක්ෂකයින්ට ආදර්ශයකි.



No comments:

Post a Comment