Wednesday, May 24, 2017

හොර හරක් ජාවාරම්කරුවන් ඉන්නේ පොලීසිය එක්ක



හක්මන පදිංචිකරුවකු වන ඉජාස් ප‍්‍රකාශ කරන පරිදි ප‍්‍රදේශය තුළ ක‍්‍රියාත්මක වන හරක් හොරකම් හා හරක් මස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පොලීසිය සමග සම්බන්ධකම් පවත්වති.

දැනට රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන ප‍්‍රකට හරක් ජාවාරම්කරුවෙකු වන නෆූර් නැමැත්තාගේ අවශ්‍යතාවයට ඔහු විසින් පොලීසියට කර තිබෙන ප‍්‍රකාශයක් පදනම් කරගෙන තමාව අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට උත්සාහ ගන්නා බවද ඔහු කියා සිටී.

ඉජාස් දැනට මාතර මහාධිකරණයේ පවතින මිනී මැරීමට තැත් කිරීම පිළිබඳ නඩුවක විත්තිකරුය. ඔහු සිටින්නේ ඇප මතය. මෙම නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු ඉහත සඳහන් නෆූර් ය.

නෆූර් ගේ අවශ්‍යතාවයට ඔහු විසින් කරණු ලැබූ ප‍්‍රකාශයක් මුල් කරගෙන විධිමත් පරීක්ෂණයකින් තොරව නීති විරෝධිව අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලීසිය සූදානම් වන බව ඔහු අවධාරණය කරයි.

ඔහු මානව හිමිකම් කොමිෂම, පොලිස්පති, ජාතික පොලිස් කොමිෂන් සභාව, වෙත ලිඛිතව කරුණු දක්වමින් කියා සිටින්නේ, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දික්වැල්ල පොලීසිය ගන්නා උත්සාහය නතර කරවන ලෙසටත්, නිතියට අනුව කැඳවිමක් කරන්නේ නම් තමා පොලීසියට ඉදිරිපත් වීමට සූදානම් බවත්ය.



No comments:

Post a Comment