Tuesday, April 25, 2017

ඉංගිරිය කුඩු ජාවාරම පිටුපස ඉන්නේ පොලිසිය



ගෙට පැන, දේපල විනාශ කර, මරණීය තර්ජණ එල්ල කල මැර කණ්ඩායමට එරෙහිව පොලිසිය ක‍්‍රියාත්මක නොවන්නේ, එම කණ්ඩායම හා ඉංගිරිය පොලිසිය පවත්වාගෙන යන සහ සම්බන්ධයයි.

ප‍්‍රදේශයේ ප‍්‍රකට කුඩු ජාවාරම් කරුවකු වන කුඩු කුමාර සමග ඉංගිරිය පොලිසිය පමණක් නොව පානදුර කොට්ඨාශයේ ඉහළ නිලධාරීන් ද සම්බන්ධකම් පවත්වන බවත්, එ් නිසා, එම ජාවාරම්කරුට හා ඔහු මෙහෙයවන කල්ලියට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවත්, චෝදනා කරන්නේ මෙම පිරිස් නිසා නිරන්තර පීඩාවට ලක්වන රාහුල සිල්වා නැමැත්තා ය.

ඔහු මෙම අපරාධය හා අපරාධකරුවන් පිලිබඳව දැනුම් දුන්නද, විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම මග හරින පොලිසිය, පැමිණිලි සම්බන්ධයෙන් ප‍්‍රකාශ ගැනීම හැර අන් පියවරක් නැති බව අවධාරණය කරයි.

අපරාධය හා අපරාධකරුවන් පිිළිබඳව, ඔවුන් හා සම්බන්ධකම් පවත්වන නිලධාරීන් පිලිබඳව නම් ගම් සහිතව හෙළිකරන, රාහුල ද සිල්වා, අදාල පොලිස් නිලධාරීන් ඉදි කරන නිවාස, පගා හා කොමිස් ගහන දේශපාලකයින්  පරාද කර ඇති බවද පෙන්වා දෙයි. 

මේ අතර පොලීසිය හා එක්ව රාජෙන්ද්‍ර නැමැති කුඩු ජාවාරම්කරු මොහුට විරුද්ධව කරන ලද ව්‍යාජ හා ද්වේශසහගත පැමිණිල්ලේ සහතික පිටපත ලබාදෙන ලෙසට ඉල්ලීම් කලද, එය ලබාදීමද මග හරිනු ලබන බව කියා සිටි.




No comments:

Post a Comment