Tuesday, February 21, 2017

තරුණ ජීවිතයක් පොලිසිය විනාශ කරයි.



බොරු නඩු දැමීම, උරුමය කරගත් පොලිසිය, එමගින් කාලකන්නි කල ජීවිත ගණන මෙපමණකැයි කිව නොහැක. නීතිඥයින්ට කප් රුකක් වු මෙම බොරු නඩු දැමීම් සංඝයා ප‍්‍රමුඛ පූජකයින්ට, දේශපාලකයින්ට, ඊනියා සිවිල් සමාජයට ගැට`ඵවක් නොවේ. 

තම දෑතේ සවියෙන් ජීවිකාව කරගෙන පුවලක් නඩත්තු කරගෙන සිටින මොහු, අනාගතය සෞභාග්‍යය උදෙසා, මැද පෙරදිගට ගොස් ශ‍්‍රමය විකුණන්නට සියල්ල සූදානම් කරගත්තෙකි. අද එය මිරුඟුවක් වී තිබේ. 

අසල්වැසි මිතුරෙක් සමග, මිතුරාගේ නිවස ඉදිරිපිට කතාබහ කරමින් සිටියදී එතැනට පැමිණි පානදුර උතුර පොලිසියේ පොලිකාරයින් දෙදෙනක්, ඔහු හා ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙන යන්නට සූදානම් විය. එ් දුටු මිතුරාගේ සොහොයුරා, අත්අඩංගුවට ගැනීම ගැන විමසූවිට, ඔහුවද අත්අඩංගුවට ගන්නා ලදි.

ඔවුන් සතුව කිසිදු නීති විරෝධී ද්‍රව්‍යක් නොවීය. පොලිසියට එය ප‍්‍රශණයක් නොවේ. පසුදින ඔහුව උසාවියට දැම්මේ හෙරොයින් මිලිග‍්‍රෑම් 20 ලඟ තබාගත් බවට වන අමූලික බොරු චෝදනාව මතය. පොලිසිය පුන පුනා ඔහුට කිව්වේ උසාවියේදී වරදකරු බව පිළිගන්නා ලෙසටය. එහෙත් ඔහු තම නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කළේය. ඇප මත මුදාහරිනු ලැබුවද නඩුව තව අවුරුදු කිහිපයකින් ඉවරවෙයිද ? දන්නේ දෙයියෙක් කියා එකෙක් ලොව සිටීනම් එකා පමණි . 

විසි වන වියේ පසුවන මොහු නඩුවෙන් නිදහස් වෙනු ඇත. එහෙත් විනාශ කළ තරුණ ජිවිතය යළි යථා තත්වයට පත් නොවන්නේය. මේවන විටත් අනාගත බලාපොරොත්ු සුන් කරගෙන ඇත. මව් බිමට හා සමාජයට වෛරකරන්නෙකු  බවට පත්වීම නොවැළැක්විය වනු ඇත. 

නීතිය බිඳ වැටුනු රටක, ලවුඞ් ස්පිකර් පිරිත්, බණ, ස්ටිකර් හා පොස්ටර් මගින් සියලූ දුෂන අපචාර වසන් කිරිමට, බුදන්ගේ දේශය ලෙසට හුවා දක්වන්නට වළිකන සැවොම මෙම ජිවිත විනාශයට වගකිවයුතුයි. 

No comments:

Post a Comment