Wednesday, February 8, 2017

බිම දාගෙන ඉල ඇට කැඩෙන්න ගහලා, රෝහලටත් ගිහිල්ලා ගහයි.

ඉංගිරිය පොලීසියේ පහර දීමෙන් ඉල ඇට කැඞී රෝහල්ගත වූ පුද්ගලයකුට ඉංගිරිය රෝහල දින 02 ක් ප‍්‍රතිකාර නොකළ අතර, හොරණ රෝහලේ වාට්ටුව තුළදී, යලිත් පහර කෑමට ලක්ව ප‍්‍රතිකාර නොදී ටිකට් කපා ගෙදර යවා ඇත.

2017 ජනවාරි 17 දින මෙසේ ඉංගිරිය පොලීසියේ අමානුෂික ලෙස පහරකෑමට ලක්වූයේ 55 හැවිරිදි නිමල් නැමති දෙදරු පියෙකි.

කසිප්පු ඉල්ලමින් පහරදීමෙන් අනතුරුව ඉංගිරිය පොලිසියට ගෙන ගොස් බොරු නඩුවක් දමා ජනවාරි 25 දින උසාවියට ඉදිරිපත් වන ලෙසට නියම කර, පොලිස් ඇප මත නිදහස් කර තිබේ. ඉන්පසු ඉංගිරිය රජයේ රෝහලට ගොස් පොලීසියෙන් පහරදුන් බව ප‍්‍රකාශ කර ප‍්‍රතිකාර ඉල්ලා තිබේ. 

දින 02 ක් රෝහලේ නවත්වාගෙන සිටිය ද කිසිදු ප‍්‍රතිකාරයක් ලබාදී නැත. ඉන්පසු ටිකට් කපාගෙන හොරණ මූලික රෝහලට ඇතු`ඵ විය.

එහිදී ද තමාට පොලීසියෙන් පහරදුන් බව පවසා ඇත. රෝහලේ 01 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසුව ඉංගිරිය පොලීසියෙන් පැමිණි පොලිස්කාරයෙකු නැවත පහරදී, එ් අවස්ථාවේ වාට්ටුවේ සිටි වෛද්‍යවරයා අසලට ගොස් ඔහු සමග සතුටු සාමීචියේ යෙදී ඇත. පහරදි ඇත්තේ උඹ පොලිසියට විරුද්ධව නඩු කියන්න හදනවා දැයි අසමින්ය.

පසුදින ප‍්‍රතිකාර ලබා නොදී, අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් නොකර, ටිකට් කපා ගෙදර යැවීමට 01 වට්ටුවේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. අඩුම වශයෙන් රෝග විනිශචය තුණ්ඩුව වත් දි නැත.

දැඩි ශරිර වේදනාව ඉවසා ගැනීමට නොහැකිවු විට, ඉංගිරිය නගරයේ පුද්ගලික ඩිස්පැන්සරියට ගොස් බෙහෙත් ඉල්ලා තිබේ. ඔහු පරීක්ෂා කළ එම ඩිස්පැන්සරියේ වෛද්‍යවරයා, රෝගී තත්ත්වය අනුව තමාට ප‍්‍රතිකාර කළ නොහැකි බව පවසා, ලිපියක් දී නැවත හොරණ මූලික රෝහල වෙත යවා තිබේ. 

එ් අවස්ථාවේ ඔහු ඇතුළත් කර ඇත්තේ හොරණ රොහලේ 15 වන වාට්ටුවටය. එහිදී ඔහුව නිසි පරීක්ෂාවට ලක්කොට දින 04 ක් රඳවාගෙන ප‍්‍රතිකාර කොට, අධිකරණ වෛද්‍යවරයා හමුවට පත්කොට, රෝහලින් පිටත් කොට ඇත. එම වාට්ටුවෙන් නිකුත් කළ රෝග විනිශ්චය තුණ්ඩුවට අනුව, තැලූම්වලට අමතරව, ඉල ඇට දෙකක් පුපුරා ඇත.

ඉන්පසුවද  සුව නොවීම නිසාත් පහරදීම නිසා මුහුණ, ඇස් හා කකුල් දැඩි ලෙස ඉදිමීම නිසා නැවත රෝහල්ගතවීමට සිදුවිය.

මේ පිළිබඳව ඔහු ලිඛිතව, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර ඇත.

දැනට අනුගමනය කරන පිළිවෙත අනුව හම පැමිණිල්ල පොලිස්පති පූජිත ජයසුන්දර විසින්, ක`ඵතර නියෝජ්‍ය පොලිස්පතිට එවනු නිසැකය. ඔහු එය ප‍්‍රදේශයේ ඉංගිරිය පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරිට එවනු ඇත. ඉන් පසු පොලිස්පති විසින් පහර දීමක් හෝ බොරු නඩු දැමිමක් අනාවරණය නොවු බවට සඳහන් අසත්‍ය හා නිවට වාර්තාවක් සකස්කර, මෙම අපරාධය යට ගසනු ඇත.

යහපාලනය තුළ එසේ නොවනු ඇතැයි අපේක්ෂාව වුවත් පොලීසිය බාර අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ සුවන්නේ එයයි.

දින 20කට පසුව, එනම් 2017.02.06 දින ලබාගත් මොහුගේ ඡුායාරූප, පහරදීමේ කෲරත්වය හා තිව්ර බව පැහැදිළි කරයි.
   




No comments:

Post a Comment