Saturday, January 7, 2017

සුදු අලි බවට පත්ව තිබෙන ජ.පො.කො. පළාත් කාර්යාල


Image result for national police commission


ජාතික පොලිස් කොමිෂම මහජන පැමිණිලි විමර්ශනය සඳහා පිහිටුවා තිබෙන ප‍්‍රාදේශීය කාර්යාල මහජන මුදල් කාබාසිනියා කරනවා මිස හජන පැමිණිලි විමර්ශනය සිදුවන්නේ නැත.

පොලිස් කොමිෂම වෙත එවනු ලබන පැමිණිලි, පළාත් කාර්යාලවලට යොමු කරණු ලබයි. මාසයක් පමණ ගෙන පැමිණිලිකරුට පෝරමයක් එවීම හා මොකක් හෝ පිළිතුරක් ලබාදීමට පියවර ගෙන විමර්ශන අවසන් කිරීම සිය පිළිවෙත කරගෙන තිබේ.

මෙම මහජනයා පීඩාවට පත්කරණු ලබන ඊනියා කාර්යාල ක‍්‍රමය ජා.පෙ.කො. ආරම්භයේ සිටම පවත්වාගෙන යන බවද එය වෙනස් කිරීමට තවමත් බැරිව තිබෙන බවද කිව යුතුයි. පළාත් අධ්‍යක්ෂවරුන්ට  අවම වශයෙන් එකී පැමිණිලි කියවා තේරුම් ගැනීමටවත් හැකියාව ඇද්ද යන ප‍්‍රශ්නය මේ වනවිට පැන නැගී තිබේ.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් අපරාධයක් සිදුකළ පුද්ගලයකු බේරා ගැනීමට හා වින්දිතයාට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජා.පො.කො. වෙත කරන ලදි. ජාතික පොලිස් කොමිෂම එකී පැමිණිල්ල කොමිෂමේ දකුණු පළාත් අධ්‍යක්ෂ වෙත යොමු කර තිබිණ. දකුණු පළාත් අධ්‍යක්ෂගේ පිළිතුර වී ඇත්තේ නඩුවක් පවතින හෙයින්, මැදිහත්විය නොහැකි බවයි.

පොලීසිය සිය ¥ෂිත ක‍්‍රියාවන් කිරීමට උසාවිය දඩමීමා කර ගනියි. එය තහවුරු කිරීමට ජාතික පොලිස් කොමිෂම ද ක‍්‍රියා කරන්නේ නම් මහජන පැමිණිලි විමර්ශනය කිරීමට පිහිටුවා තිබෙන පළාත් කාර්යාල මහජන මුදල් කාබාසිනියා කරන්නකි.

දකුණු පළාත් කාර්යාලයේ ක‍්‍රියාකලාපය හෙළා දකිමින් අපරාධ වින්දිත රම්‍යලතා මිය විසින් ලියන ලද ලිපියේ පිටපතක් ජාතික පොලිස් කොමිෂමේ ලේකම්ට ද යවා ඇත.

ගන්නා පියවර කුමක්ද? බලා සිටිමු.




No comments:

Post a Comment