Tuesday, January 3, 2017

ජ.වි.පෙ. මරා දැමූ දෙන්නාගේ සොහොන් කොත් දෙක ගුවන් හමුදාව විනාශ කළා.


89 ජ.වි.පෙ. මරා දැමූ අයියා මලෝ දෙන්නාගේ සොහොන් කොත් දෙකයි නිවසයි විනාශ කළා. වගා කළ ඉඩම අරන් නිවස්නයක් හැදුවා. ඉතිරි අක්කර භාගය වගා කරන්න ඉල්ලූවාම එ්කත් දෙන්නේ නෑ. 

මේ සෙල්ල කතරගම ඇල්බට්ගේ කථාව. තම සු`ඵ පියා විසින් 1965 සිට වගා කරගෙන ආ ඉඩම අහිමි වීම ගැන. 
ඉතිරි අක්කර භාගය ලබාදෙන ලෙස ඉල්ලමින් ඇල්බට් නාගරික සංවර්ධන අධිකාරියට ලියන ලද ලිපිය පහත දැක්වේ.  

මහත්මයාණෙනි,

සෙල්ලකතරගම, අක්කර 20, වැව අයිනේ ජීවත්වීම සඳහා, වගා කටයුතු කිරීමට අක්කර 1/2 ඉඩම ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

දැනට 53 වන වියෙහි පසුවන , සිව් දරු පියෙක් වන මා, මෙම ඉඩම් කොටස ඉල්ලා සිටින්නේ, පහත සඳහන් හේතු මතය.

01. සෙල්ල කතරගම, අක්කර 20 වැව අයිනේ පිහිටි, අක්කර 02 රූඞ් 02 ප‍්‍රමාණයේ රජයේ ඉඩම, 1965 සිට, මාගේ සු`ඵ පියා වූ ජී.ඞී.ඩබ්. සිරිපාල විසින් වගාකරගෙන ජීවත් විය.

02. ජී.ඞී.ඩබ්. සිරිපාල, මාගේ පියාගේ මරණයෙන් පසුව, මාගේ මව විවාහ කරගත් අයයි. එවිට මාගේ වයස අවුරුදු 9ක් පමණ වේ.

එතැන් පටන් මාද, අනෙකුත් සියලූ දෙනාද ඔහු සමග, ඉහත ඉඩමේ ජීවත් විය.

03. 1989 අගෝස්තු 03 වන දින, රාත‍්‍රියේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්දධ කණ්ඩායමක් පැමිණ, ගෙදර සිටි සු`ඵ පියාව රැුගෙන ගොස්, වෙඩි තබා මරා දමන ලදි.

04. මාගේ සු`ඵ පියාගේ මෘත දේහය භූමදාන කළේ - අප ජීවත් වූ ඉඩමේදීය.

(මරණ ලියාපදිංචි කිරීමේ ලේඛණයේ ඡුායා පිටපත අමුණා ඇත.*

05. මාගේ සු`ඵ පියා ගේ මරණයෙන් පසුව, එම මරණය සිදුකල පිරිසට එරෙහිව කතා කිරීම නිසා, එම වසරේම, 1989 දෙසැම්බර් 07 දින, සු`ඵ පියාගේ මල්ලී වූ ජී.ඩබ්.වික‍්‍රමගේ ව, ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙඩි තබා, පිහියෙන් ඇන මරා දමන ලදි.

එම මරණයද, භූමදාන කළේ, සු`ඵ පියා භූමදාන කල ස්ථානයේදීමය.

06. සු`ඵ පියාගේ මරණයෙන් පසුව, මාගේ මව හා පවුලේ අය එක්ව, මෙම ඉඩමේ වගා කටයුතු කරමින් ජීවත් වූයෙමි.

මා විවාහ වී, දැනට වසර 30 වැඩි අතර, දරුවන් 4 දෙනාම උපත ලැබුවේද මෙම ඉඩමේ පදිංචිව සිටින කාලයේදීය.
07. පවුලේ අනෙකුත් අය, වෙනත් ස්ථාන වල පදිංචි වූ අතර, මා, මාගේ බිරිඳ ඇතුලූ පවුලේ උදවිය, මව හා එක්ව වගා කටයුතු කරමින් ජීවත් වූයෙමි.

08. මෙසේ කිසිදු බාධාවකින් තොරව ගොවිතැන් කටයුතු කරමින්, ජීවිකාව කරගෙන යන අතර, 2016.01.21 දාතමින් හා අංක 25/මො/10/1/70/128 දරන ඔබගේ ලිපිය මගින්, මා අනවසරයෙන් වගා කිරීම කරන බවට චෝදනා කරමින්, මට ඉවත් වන ලෙසට නියම කරන ලදි. (එම ලිපියේ පිටපත අමුණා ඇත.* 

09. මේ පිලිබඳව මා, ඔබ කතරගම කාර්යාලයට, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් කරුණු දක්වා සිටියෙමි.

10. නමුත් විසඳුමක් ලබා දුන්නේ නැත.

11. 2012 දී, ගුවන් හමුදාවෙන් භට පිරිසක් පැමිණ, අප පවුල පදිංචි ඉඩම, තමන් සතු බව පවසා ඉවත් වන ලෙසට නියම කරන ලදි.

12. අක්කර 02 රූඞ් 02 විශාල ඉඩමෙන් අක්කර 1/2 ඉතුරු කර, මට එහි ගෙයක් හදාගන්න යයි කියා, මට රු: 50,000/= මුදලක් ඔබ අධිකාරියෙන් ලබා දෙන ලදි.

13. ගුවන් හමුදාව විසින් අප පදිංචි නිවස පමණක් නොව, මාගේ සු`ඵ පියාගේ හා ඔහුගේ මල්ලීගේ සොහොන් දෙකද කඩා විනාශ කර දමන ලදි. දැනට මෙම ඉඩමේ ගුවන් හමුදානේ ඉහළ නිලධාරීන් සඳහා හෝටලයක් සාදා ඇත.

14. එ් සමගම, අසලින් මාහට පර්චස් 20 න්ද ලබා දෙන ලදි. ඉතිරි අක්කර 1/2 මා වගා කටයුතු කරගෙන පදිංචි වීමට සූදානම් වූයෙමි.

15. එ් අවස්ථාවේ ඔබ අධීකාරිය වසින්, තිස්සමහාරාමය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මට විරුද්ධව නඩු පවරන ලදි. නඩු අංකය බී.ආර්.33753/15 වේ.

නමුත් මෙම නඩුව, ඉදිරියට පවත්වාගෙන නොයන බවට, ඔබ අධිකාරිය ප‍්‍රකාශ කිරීම නිසා, නඩුව අවසන් විය.

මා ඉල්ලා සිටින්නේ,

මාගේ සු`ඵ පියා විසින් 1965 පමණ කාලයේ සිට භුක්ති විඳින ලද මෙම ඉඩමේ මාගේ පදිංචිය අවුරුදු 35 කට වැඩිය.

පසු කාලයක ඔබ අධිකාරියට පවරා ගන්නා ලද අක්කර 2 රූඞ් 02 විශාල ඉඩමෙන්, ගුවන් හමුදාට, හෝටලයක් ඉදි කිරීම සඳහා ලබාදුන් කොටසින් ඉතිරිව තිබූ, දැනටත් මා වගා කටයුතු කරගෙන යමින් පදිංචිව සිටින අක්කර 1/2 මාහට පවරා දෙන ලෙසටයි.

මෙයට,

කේ. එ්.ඇල්බට් සතරසිංහ.



No comments:

Post a Comment