Tuesday, November 1, 2016

නිවැරදිකරු කීමේ කරුමය !! උසාවිය නිහඬයි යුක්තියට !



හැම විපත්තියක්ම, කරදරයක්ම, අයුක්තියක්ම, ලෙඩක් දුකක්ම, කරුමයට හෝ දෙවියන්ගේ කැමැත්තට බාර දීලා නිහඬව ඉන්න පුරුදු කරන බුද්ධිමතුන් ඉන්නා රටකය අප ඉපිද සිටින්නේ.

මේ වන විට ‘උසාවි මාෆියා’ වෙන් බැට කන පිරිස සු`ඵ පටු නොවේ. එයින් වැඩි පිරිස අසරණයින් ය. භඨධ භාෂාවෙන් කොන් වූ ජන කොටස්වලට අයත් වූවන් ය. ඔවුන් ජාති, කුල, වර්ණ, ආගම් භේදයෙන් තොරව බැට කති.

උසාවිය යුක්තියට නිහඬයි. එහෙත් අවනීතියට නිහඬ නැත.

බේරුවල පදිංචි නන්දසේන ගේ රක්ෂාව ගහේන බාන ”රා” එකතු කරන එකය. එ් ස`දහා ඔහුට ලයිසන් එකක් ද තිබේ. දැන් ඔහුගේ වයස අවුරුදු 50 කි. 

සුරාබදු බල තල පොලීසියට පවරා දුන්නේ, අඩු පඩි ලබන පොලිස් කාරයාගේ සිට පොලිස්පතියා දක්වා සියල්ලන්ටම අතිරේක ආදායමක් උපයා ගන්නටය. එ් පගාව, කප්පම් හා රිවෝඞ් මගින්.

බේරුවල ොපලීසිය, 2013.12.04 දින නන්දසේනව, අත්අඩංගුවට ගන්නේ, අලූත්ගම පොලිස් වසමට අයත් පිංහේන ප‍්‍රදේශයේදී. අත්අඩංගුවට ගන්නා නන්දසේනව, ”රා” කොන්ත‍්‍රාත්කරු ”මුදලාලි” ගේ නිවසට පළමුව ගෙන යයි.

මුදලාලි නන්දසේනගේ නිර්දෝශීභාවය ගැන තර්ක කරයි. අප රටේ පොලිස්කාරයෝ තරම් නීතිය ගැන දන්නා තවත් එවුන් ලොවේම නැත. ඔවුන්ව පුහුණු කර ඇත්තේ, නඩු අරගන්න, නඩු හදන්න, පගාව ගන්න, ඉහළයන්ට ෙදාළ පිදේනි දෙන්න. බොරු නඩු දාන්න. සැලියුට් ගහන්න. ලොක්කන් බේරා පොඞ්ඩන්ව තලන්න. ඉහළ පොලිස්කාරියන් ආ විට අන්ගේ සල්ලි වලින් කන්න බොන්න දෙන්න.

නන්දසේනව, පොලීසියට ගෙන යන්නේ, අහුලාගත් බෝතලයකට, නන්දසේන ළඟ තිබූ රා වලින්ම පුරවා ගෙනය. පොලීසියට ගෙන ගොස්, පොලීසිය ඇප මත මුදාහරිණු ලබන නන්දසේනට, 2013.12.06 දින ක`ඵතර අතිරේක මහේස්ත‍්‍රාත් උසාවියේ පෙනී සිටින්නට නියම කරණු ලබනවා.

නන්දසේනගේ ”මුදලාලි” අවනීතියට යට නොවීමට දැඩි තීරණයක් ගෙන ඔහු වෙනුවෙන් නීතිඥවරු ඉදිරිපත් කර ඔහුගේ නිර්දෝශී භාවය වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගනු ලැබුවා. නියමිත දින ක`ඵතර අතිරේඛ මහේස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් ඉදිරියේ පෙනී සිටියා.

බේරුවල පොලීසිය නගා තිබූ චෝදනාවට, නිවැරදිකරු බව ප‍්‍රකාශ කරණු ලැබුවා. එවිට මහේස්ත‍්‍රාත්වරිය කිසිදු නීතිමය පදනමකින් තොරව, රිමාන්ඞ් භාරයට පත්කරණු ලැබුවා. මේක විනිසුරුවන්ගේ අභිමතයලූ. එ් නිසා එ් අවනීතිය ගැන නිතිඥයෝ ද නිහඬය. එ් මගින් තවත් දවසක් තම දරු පවුලේ උදර පෝෂණයට මග පෑදෙන නිසාය.

නන්දසේනට විරුද්ධව බේරුවල පොලීසිය ඉදිරිපත් කර තිබූ චෝදනාව නීතිමය වශයෙන් වැරදි එකක් පමණක් නොව, නන්දසේන ට පෙර වැරදි තුනක් තිබෙන බව පවසමින්, බොරු නඩු 3 ක් ද, පොලීසය සිය බි- වාර්තාවේ සටහන් කර තිබෙනවා.

මේ කිසිවක් ගැන මහේස්ත‍්‍රාත්වරිය අවධානය යොමු කරණු ලබන්නේ නැහැ.

2013.12.17 වන දින දක්වා, සිර බත් කන නන්දසේන, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර, නඩුව 2014.07.14 දින දක්වා කල් ගැනීමට මහේස්ත‍්‍රාත්වරිය අයේෂා ආබ්දීන් නියම කරණු ලැබුවා.

2015.02.19 වන දින අයේෂා ආබ්දීන් මහේස්ත‍්‍රාත්වරිය නන්දසේන වරදකරු බවට නිගමනය කර තීන්දුව ප‍්‍රකාශයට පත්කරණු ලැබුවා.

නඩු වාර 06 කින් පසුව 2015.10.23 දින, අයේෂා ආබ්දීන් මහේස්ත‍්‍රාත්වරිය ගේ නිගමනයට අනුව,  නන්දසේනට රුපියල් 10,000/- දඩය් ගසා වසර 05 කට අත්හිටවන ලද, මාස 06 ක සිර දඬුවමක් ද නියම කරණු ලැබුවා.

නන්දසේන ක`ඵතර මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් අයේෂා ආබ්දීන් මහේස්ත‍්‍රාත්වරියගේ තීන්දුව අභියෝගයට ලක් කරණු ලබනවා.

ක`ඵතර අභියාචානාධිකරණය මහේස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් ගේ තීන්දුව වැරදි සහගත බව නිගමනය කරන, එය නිශ්ප‍්‍රභා කර නන්දසේනව චෝදනාවලින් නිෙදාස් කොට නිදහස් කරණු ලබනවා. 

ක`ඵතර මහාධිකරණය මෙම තීන්දුව ලබා දෙන්නේ, 2016.06.21 දින.

එම මහාධිකරණ තීන්දුව, ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රකාශයට පත් කරන්නේ, 2016.09.19 දින.

හිටපු ක`ඵතර අතිරේක මහේස්ත‍්‍රාත්වරිය වූ අයේෂා ආබ්දීන්වැරදි තීන්දු ප‍්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

එවන් වැරදි තීන්දු ඇත්තේ ඉහළ අධිකරණවලට ගොස් අවලංගු කරවා ගැනීමටය. නැත්තන්ට හැකි වූයේ කරුමයට හෝ දෙවියන්ගේ කැමැත්තට බාරදී හූල්ලන්නටය. හෙන හත ඉල්ලන්නටය.  මෙම මහේස්ත‍්‍රාත්වරියට මේ වන විට අධිකරණ සේවා කොමිෂම සභාව උසස් වීමක් ලබා දී ඇති බව වාර්තාවෙනවා.


No comments:

Post a Comment