Saturday, October 1, 2016

දේශපාලූවෙකු OL පාස්වු හැටි.


ඉහත දැක්වෙන්නේ ඉමදුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති වරයෙකු වන, ධිවර සංස්ථාවෙන් වැටුප් ලබන්නෙකු වන බව කියන, උදාන කුසුම්සිරි නැමැති අයගේ 1990 වේ තැපැල් හැඳුම් පතයි. 
මෙම තැපැල් හැඳුනුම් පතේ ඡයාරුපය ඔහුගේ නොවේ. එම ගමේ සිටින  ඉගෙනීමට දක්ෂ, එහෙත් අසරණයෙකුගේ ඡයාරුප යයි.
මෙම අසරණයා පවසන්නේ තමා පත්ව සිටින මානසික තත්වය තුල, මෙම ව්‍යාජ තැපැල් හැඳුනුම් පත උපයෝගි කරගෙන, උදාන කුසුම්සිරි වෙනුවෙන් අ.පො.ස(සා.පෙ) විභාගයට පෙනීසිටිමට සිදුවු බවයි.
මෙම සිද්ධිය හෙළිදරව් වන්නේ, මෙම අසරණයාට එරෙහිව විරුද්ධව අහංගම පොලීසිය හා ඉමදුව ප‍්‍රාදේශිය සභාව් හිටපු විපක්ෂ නායක තිලකවංශ අමරදිවාකර විසින් පවරන ලද බොරු නඩු වෙන් පසුවය.  
වංචාකාරිව විභාග සමත්ව සිටින තවත් බොහෝ දේශපාලකයින් සිටිති. ප‍්‍රශ්නය මොවුන් ව වන්දනා කරමින්, ආරක්ෂා කරමින් විභාග නියමාකාරයට සමත්වුවන් සිදුකරන විනාශයයි.   

No comments:

Post a Comment