Monday, October 3, 2016

ප‍්‍රධාන සාක්ෂිකරුට බොරු නඩු දමා, මිනී මරුවා බේරීමට පොලීසිය වළිකන හැටි.


පානදුර මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත්කර, දෙවෙනි සාක්ෂිකැ ලවා බොරු සාක්ෂි ලබාදී, මිනීමරු සැකකරුවා බේරීමට කරන ලද කුමන්ත‍්‍රනයක් පිළිබඳව කථා පුවතකි මේ.

මේ වන විට අපරාධ රැුසකටම සම්බන්ධ ‘සැකකරුවන්’ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව හා ඇප මත මුදාහැර තිබෙන පොලිස් කාරයින් ගාන සු`ඵ පටු නොවේ. මෙම පොලිස් කාරයින් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් පරීක්ෂකවරු, සරයන්වරු හා පී.සී. ලා වෙති.

අපරාධවලට සම්බන්ධ තවත් බොහෝ පිරිසක් පොලීසිවල තවමත් නිරුපද්‍රිතව සේවය කරමින් සිටී. එ් අතර අධිකරණ මගින් වරදකරුවන් බවට පත්කර තිබෙන අයද වෙති.

අමිල දුමින්ද සිල්වා, ඉහත ස`දහන්, පානදුර මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවේ පළමු සාක්ෂිකරු වේ. ඔහු ගේ සාක්ෂිය නිම කර ඇත. දෙවෙනි සාක්ෂිකරු ගේ සාක්ෂි විමසීමට නියමිත වූයේ සැපිතැම්බර් 07 වන දිනටය.

සැප්තැම්බර් 05 වන දින ක`ඵතර පොලීසියේ ස්ථානාධිපති පො.ප. ආනන්ද විසින් පළමු සාක්ෂිකරු දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ‘‘කේරළ ගංජා’’ තොගයක් සමග අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත්කරවයි.

ඇප මත නිදහස්වන අමිල දුමින්ද සිල්වා විසින්, නීතිපති, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රමුඛ බලධාරීන්ට ලියන ලද ලිපිය/පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දක්වන්නේ අප රටේ අපරාධකරුවන්, පොලිස්කාරයින් හා නීතිඥයින් අතර පවතින සම්බන්ධය මනා ලෙසට පැහැදිළි කරන බැවින්ය.

‘‘ අපරාධ සැකකරුවෙකු මුදා ගැනීම සඳහා ව්‍යාජ නඩු දමා රිමාන්ඞ්භාරයට පත්කර, 
මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම.

01. දැනට පානදුර මහාධිකරණයේ පවතින අංක: 2580/09 දරන නඩුවේ පළමු සාක්ෂිකරු මම වෙමි.

02. මෙම නඩුවේ දෙවෙනි සාක්ෂිකරු පානදුර, හිරණ, 1 වන පටුමග අංක 21 හි පදිංචි සුරගේ චමින්ද පීරිස් වේ.

03. මෙම නඩුවට අදාලව මාගේ සාක්ෂිය 2016.06.08 වන දින අවසන් විය.

04. දෙවෙනි සාක්ෂිකරු සුරගේ චමින්ද පීරිස්ට සාක්ෂි දීමට නියමිතව තිබුණේ 2016.09.07 වන දිනය.

05. 2016.09.05 වන දින මා, රාත‍්‍රී 07.10 ට පමණ, හිරණ පොලිස් මුරපොළ අසල ත‍්‍රී රෝද රථ ගාලේ සිටින විට, සුරගේ චමින්ද පීරිස් ගේ පියාවන මා හොඳින් දන්නා හඳුනන සුරගේ චන්ද්‍රසිරි පීරිස්, තවත් අයෙකු සමග මා අසලට පැමිණියා. 

එම පුද්ගලයාට අවු: 30 ක් 35 ක් පමණ ඇත. සුදු ෂර්ට් එකක් හා ක`ඵ කලිසමක් හැඳ සපත්තු දමා සිටියා. ඔහු අත රු: 10/- ක`ඵ ටියුලිප් බෑග් එකක් තිබුණා.

06. සුරගේ චන්ද්‍රසිරි පීරිස් මාගෙන් විමසා සිටියා මෙයා මම හොඳට දන්න හඳුනන කෙනෙක් මෙයත් එක්ක වාද්¥වේ පන්සලට හයර් එකක් යන්න පු`ඵවන් ද කියා. මා කැමැත්ත පළ කළා.

07. මා ඔහු නංවාගෙන වාද්¥ව පසු කළ විට, මම ඇහැව්වා මොන පන්සලටද කියා. 
ඔහු ප‍්‍රකාශ කළා මට සුරයක් දාගන්න තියෙනවා, වස්කඩුවේ තාලරුක්ඛාරාමයට තමයි යන්න  ඕන කිව්වා.

08. ඉන්පසු ඔහු ළඟ තිබූ දුරකථන දෙකකින් කාටද කථා කළා. එකකින් කථා කළේ අම්මා කියලා. අනෙකෙන් කථා කළේ ලොකු හාමුදුරුවො කියලා.

09. ක`ඵතර ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල පසුකරනවාත් සමගම මම ඔහුට කිව්වා, දැන් අපි ක`ඵතරටම ඇවිල්ලා වාද්¥ව පහුකරලා කියා.

10. මම ඔහුට මල්ලී රුපියල් 500/- ට නම් බෑ කිව්වා, මා එසේ කිව්වේ ඔහු වාද්¥වට යන්න ගාන කීයද කියා හිරණ දී ඇසූ විට රු: 500/- ක් දෙන්න යය කියූ නිසා.

11. එ් අවස්ථාවේ, තාලරුක්ඛාරාමය කොහේද කියා, නොදන්න බව පැවසූ නිසා මා අසල කඩයකින් තාලරුක්ඛාරාමයට යන්නේ කොහොමද කියා අසා, පාර අසාගෙන එම පන්සලට ඔහු රැුගෙන ගියා.

12. එ් පන්සල පිහිටියේ වස්කඩුවේ කොස්ගස් හංදියේ සිට ගොඩ පැත්තට තාල රුක්ඛාරාමය පාරේ.

13. පන්සල ඉදිරිපිට පඩිපෙළ ඉදිරියේ මා ත‍්‍රී රෝද රථය නැවැත්වූවා. ඔහු ‘මම ඉක්මනට එනවා කියා’ බැස පන්සලේ පඩිපෙළ නගිමින් පන්සලට ගියා.

14. ටික වේලාවකට පසු මමද පඩිපෙළ නැග පන්සලට ගියා. හාමුදුරුවෝ බෝ ම`ඵවේ සිටි අතර, එහි සිට අයට පන්සිල් දෙමින් සිටියා.

15. මා විපරම් කළද මා සමග ආ පුද්ගලයා පේන්නට සිටියේ නැහැ. මා තවදුරටත් විපරම් කරන විට අසල සිටි, රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගත් පුද්ගලයකු මාගෙන් විමසා සිටියා කාවද බලන්නේ කියා.

16. මා ඔහුට ප‍්‍රකාශ කළා මා එක්ක හයර් එක ආපු සුදු පාට ෂර්ට් එකක් හා ක`ඵ කලිසම ඇඳගත් අය සුරයක් දාගන්න ආ බව.

17. එ් සමගම එතනට ආපු දෙන්නෙක් අපි පොලීසියෙන් කියා මාගේ කලිසමෙන් අල්ලා ගත්තා.

18. මම කාරණය ඇහැව්වා. කිව්වේ නැහැ. යමං ත‍්‍රීවිල් එකට කියමින් පන්සල අසල සිට මාව ත‍්‍රීවිල් එකට ගෙන ආවා.

19. ත‍්‍රීවිල් එක ළ`ගට ගෙන එනවාත් සමගම තවත් අයෙක් එතැනට පැමිණියා.

20. ත‍්‍රීවිල් එක අසලදී එක් අයෙක් ටෝර්ච් එක ගසා පසුපස අසුනේ තිබූ ක`ඵපාට ටියුලිප් බෑගය අතට ගනිමින් මේ තියෙන්නේ යයි අනෙක් අයට එය පෙන්නුවා.

21. ඊට පසු මට, එතැන සිටි එක් අයෙක් පයින් පහරවල් කීපයක් ගසා, මගේ ත‍්‍රීවිල් එකටම දමාගෙන ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා.

22. එවිට රාතී‍්‍ර 9.30 පමණ ඇත. මාව කූඩුවට දැම්මා.

23. රාත‍්‍රී 10.00 ට පමණ ස්ථානාධිපති ආනන්ද පොලීසියට ආවා. ඔහු ආවේ ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක් ඇඳගෙන.

24. ඔහු පැමිණි පසුව, මාව කූඩුවෙන් එළියට අරගෙන ස්ථානාධිපතිගේ කාර්යාලයට ගෙන ගියා.

25. ස්ථානාධිපති රිසව් එකේ නිලධාරියාට කථා කොට, වැටලීම් කළ අයට බෑග් එක අරන් එන්න කියන්න යයි කිව්වා.

26. මා අත්අඩංගුවට ගත් නිලධාරීන් තුන්දෙනා පැමිණියා. සියලූ දෙනා ඉදිරියේ, ක`ඵ පාට ටියුලිප් බෑගය තුළ වූ දේ මේසය මතට දැම්මා.

එහි කුඩා සුදු පාට පොලිතීන් බෑග් හතරක් පහක් තිබුණා. එම බෑග්වල ග‍්‍රෑම් 110, ග‍්‍රෑම් 160 ආදී වශයෙන් ලකුණු කර තිබුණා. එකක ‘කලූවා’ කියා ලියා තිබුණා. බෑග්වල තිබෙන්නේ ‘කේරළ ගංජා’ බව ස්ථානාධිපති කියා සිටියා.

27. නැවත මාව කූඩුවට ගිහින් දැම්මා. 

28. රාත‍්‍රී 12.00 ට පමණ මා අත්අඩංගුවට ගත් එක් පොලිස් නිලධාරියෙක් මාගේ දුරකථනය ලබා දී ගෙදරට කථා කරන්න යැයි කියා සිටියා. මා අත්අඩංගුවට ගෙන සිටින බව ගෙදරට දැණුම් දුන්නා.

29. පසුදින 2016.09.06  වන දින උදේ 7.00 ට පමණ මා අත්අඩංගුවට ගත්, මට රාත‍්‍රී දුරකතනය දුන් නිලධාරියා, මා ළඟට ඇවිත් බිරිඳට කියන්න මේ නීතිඥ මහත්මියට කථා කරන්න කියා නීතිඥ කසුනි මදාරා නැමති නීතිඥවරියගේ නම හා ඇයගේ දුරකතන අංකය වන 077 3320108 මට දුන්නා.

මා එම විස්තරය මාගේ බිරිඳට ලබාදුන්නා.

30. මාගේ බිරිඳ නීතිඥ කසුනි මදාරා ට කථා කර ඇයව හමු වී මා බලන්නට පැමිණියා. 

31. මට ඇප ලබා දෙන්නම් කියා ඇය මගේ බිරිඳගෙන් රු: 5000/- ක් ලබාගෙන තිබුණා.

32. උදේ 9.00 ට පමණ මාව කූඩුවෙන් එළියට ගෙන මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මාගෙන් විස්තර අසමින් ලියා එයට මාගෙන් අත්සන් ගත්තා. කියවා තේරුම්කර දුන්නේ නැහැ.

33. ඉට පසුව මාව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.

34. ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, නඩුව කථා කිරීමට පෙර නීතිඥ කසුනි මදාරා කියා තිබුණා පොලීසිය එක්ක කථා කළා අදම නිදහස් වෙන්න පු`ඵවන්, රු: 10,000/- ක දඩයක් ගහවි වැරදිකාරයා කියා පිළිගන්න කියා, මාගේ බිරිඳ එයට විරුද්ධ වී තිබුණා. 

35. නඩුව කැඳවූ විට,  නීතිඥ කසුනි මදාරා නැගිට ඇප ඉල්ලූවා, නමුත් ඇප දුන්නේ නෑ, මාව 2016.09.20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

36. 2016.09.08 වන දින මගේ බිරිඳ නීතිඥ කසුනි මදාරා මගින් මෝෂමක් ඉදිරිපත් කර මා සමග අත්අඩංගුවට ගත් ත‍්‍රී රෝද රථය මුදා ගැනීම සඳහා ඉල්ලීමක් කර තිබුණා.

මෝෂම ඉදිරිපත් කර තිබුනේ නීතිඥ සුමිත් රූපසිංහ මගින්ය. 

37. මෙදින, (2016.09.08* නඩුව අවසානයේ එළියට පැමිණි නීතිඥ කසුනි මදාරා මාගේ බිරිඳට කියා තිබුණා වරද පිළිගන්න කියන්න නැතිනම් අවුරුද්දක්වත් හිරේ ඉන්න වෙයි කියා. 

38. මාගේ බිරිඳ වැරදි නොකර, වැරැුද්ද පිළිගැනීමට සූදානම් නැති බව තරයේ ප‍්‍රකාශ කර ඇත. 

39. ඉන්පසු මාගේ බිරිඳ 2016.09.13 වන දින නීතිඥ ඉමල්කා විජේවීර මගින් ඇප ලබාගැනීම ස`දහා මෝෂමක් මගින් නඩුව කැඳවා කරුණු දක්වා තිබිණ.

40. 2016.09.20 වන දින නඩු වාරයේදී නීතිඥ ඉමල්කා විජේවීර ඉදිරිපත් වූ අතර මා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරිණු ලැබුවා.

41. මීළඟ නඩු දිනය 2016.10.25 දින වේ.

42. මේ අතර, පානදුර මහාධිකරණයේ පවතින 2580/09 මිනීමැරම් නඩුවේ දෙවන සාක්ෂිකරු වූ සුරගේ චමින්ද පීරිස් (සුරගේ චන්ද්‍රසිරි පීරිස්ගේ පුතා* ගෙන් සාක්ෂි විමසා ඇත.

එ් 2016.09.07 වන දිනය. එදින ඔහු සාක්ෂියේදී, පෙරදුන් සාක්ෂි බොරු බවත් එසේ බොරු සාක්ෂි දුන්නේ මාගේ බලපෑම් මත බවත් ප‍්‍රකාශ කර, දැනට මා ගංජා නඩුවකට සැකකරු වශයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ප‍්‍රකාශ කර තිබේ.

මේ සාක්ෂිය බොරු සාක්ෂියක් බව පිළිගත් මහාධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කොට, බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීය.

එම නඩුවේදී සුරගේ චමින්ද පීරිස්, තමන් බොරු සාක්ෂි දුන් බවට පිළිගෙන ඇත. එ් අනුව ඔහුට මාස 03 ක සිර දඬුවමක් පමුණුවා ඇත.

මේ සියලූ කරුණු ඔබ ඉදිරියේ ප‍්‍රකාශ කර සිටින්නේ,

අපරාධකරුවන් බේරා ගැනීම ස`දහා එම නඩුවේ දෙවන සාක්ෂිකරුව මිලයට ගෙන, මට විරුද්ධව බොරු නඩුවක් ගොනු කරවා, මා රක්ෂිත බන්ධනාගාරගත කරවා, එමගින් අපරාධකරුවන් නිදහස් වීමටය. 

මේ සඳහා අපරාධකරුවන් හා එක්ව ක‍්‍රියා කළේ ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්දය.

ඔහු මීට පෙර පානදුර වලාන ¥ෂණ මර්ධන එ්කකයේ සේවය කර ඇත. 

මේ ආකාරයට, ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද මූලිකව, මා නොකළ වරදකට, අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීම මූලික කරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරවීම, මා නොමග යවා, නීතිඥවරියක හවුල් කරගෙන මා වැරදිකරුවකු බවට පත්කිරීමට උත්සාහ දැරීම මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.’’

ඔහු ඉල්ලා සිටින්නේ,

ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද, ක`ඵතර උතුර පොලීසියේ පො.සැ. 53070 සේනාධීර, හා අත්අඩංගුවට ගත් අනිත් පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්.

අපරාධකරුවකු බේරා ගැනීම සඳහා සිදු කළ අපරාධය පිළිබඳව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර, ගංජා කරුවන් හා එක්ව, කේරල ගංජා ජාවාරමට හවුල් පො.ප. ආනන්ද ප‍්‍රමුඛ නිලධාරින් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසටත්,

ක`ඵතර ම.උ. හි ඔහුට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසටත් ය. 

පොලීසිය අපරාධකරුවන් හා නීති විරෝධිව රිමාන්ඞ් භාරයට පත්කළ මොහුගේ නිදහස උදෙසා ක‍්‍රියා කළ  බිරිඳ ව රැකියාවෙන් ඉවත් කර ඇති අතර, එයට හේතුවු ‘‘වරද’’ වුයේ සැමියාගෙි ‘‘නිදහස’’ සඳහා ක‍්‍රියා කිරීමට ’’නිවාඩු’’  ලබා ගැනිමය.  



















No comments:

Post a Comment