Sunday, October 2, 2016

වධ දිලා ඉවරවෙලා, මල්ලිගේ නමින් අයියාව උසාවි දාලා.....


උඩුගම්පල පදිංචි කරුවකුවන සිසිර කුමාරට, වධදි උසාවි දමා, රිමින්ඞ් කරවා ඇත්තේ මල්ලීගේ නමින්. ඔහුගේ පියා විමල්(අවු:62) ප‍්‍රකාශ කරන අන්දමට තම පුතා, සිසිර කුමාර වසර 12කට වැඩි කාලයක සිට ප‍්‍රතිකාර ලබන මානසික ආබාධයකින් පෙළෙන රෝගියෙකි.

අවු: 36 ක්වන ඔහුට, විදේශගතව සිටින මව ඔහුට එවන මුදල්  කලක සිටි ත‍්‍රිරෝද රථ රියදුරෙක්වන ජයන්ත, ඔහුගේ මානසික දුබල තාවය උපයෝගි කරගෙන, වංචා කරන බවද කියා සිටි. 

ත‍්‍රිරෝද රථ රියදුරු ජයන්තගේ යොමු කිරිම මත අසල මළ ගෙදරකට ගොස් තිබෙන තම පුතාව, එම නිවසියන් විසින් ගම්පහ පොලිසියට බාර දි තිබේ.

පොලිසියෙිදි ඔහුට නිරුවත් කොට පහරදි, සිසිර කුමාරගේ, මල්ලිගේ නමින් ගම්පහ අධිකරණයට, ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත්කර තිබේ. දැනට ඔහු ජාතික මානසික විද්‍යායතනයේ, බන්ධනාගාරය බාරේ, ප‍්‍රතිකාර ගන්නා බවද පියා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටි.

මෙසේ සිසිර කුමාරව ඔහුගේ මල්ලීගේ නමින් උසාවියට ඉදිරිපත් කළේ දැන දැනම බව අවධාරනය කරන, පියා මෙම නිති විරෝධි ක‍්‍රියාව හා වධ දිම සම්බන්ධයේන් නීතිමය පියවර ගන්නා ලෙසට මානව හිමිකම් කොමිසම් සභාවෙන් ඉල්ලා තිබේ.

ඔහු පවසන අන්දමට ගම්පහ පොලීසිය සිසර කුමාරට පමණක් නොව, ඔහුගේ සොහොයුරාට ද බලවත් අසාධාරණයක් සිදුකර තිබේ. එමෙන්ම ගම්පහ පොලිසිය දැන දැනම වෙනත් පුද්ගතයෙකුගේ නමින්, පුදගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරම මගින් කර ඇත්තේ අධිකරණය නොමග යැවිමකි. අධිකරණය තම දුෂිත ක‍්‍රියා සඳහා රබර් මුද්‍රාවක් කර ගැනීමය. 

No comments:

Post a Comment