Monday, October 24, 2016

ඇසක වටින්නේ රු: 1250/- යි, ෆාමසිකරුගෙන් 1250/- ක් ඉල්ලගෙන නිකම් ඉන්න - දොස්තර සිරිසේන (රම්‍යලතාගේ කථාව 2වන කොටස)



ෆාමසි මාපියාව සමග එක්වු දොස්තරෙක් පිළිබ`ද හෙළිදරව්වකි. රම්‍යලතා හ‍්‍රි ලංකා වෛද්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

‘‘ පැමිණිලිකාරිය වන මා, අවු: 42 හැවිරිදි,  විවාහක, දරුවන් 03 දෙනෙකුගේ මවකි. පවුලේ නඩත්තුව කරන තැනැත්තියයි. මාගේ වැඩිමහල් පිරිමි දරුවා ට දැනට අවුරුදු 17 යි, උපන් අවස්ථාවේදීම, බෙන්තර රජයේ රෝහලින් ලබාදෙන ලද බී.සී.ජී. එන්නත වැඩිපුර මාත‍්‍රාව ලබාදීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව දැනට ශෛල්‍ය කර්ම 09 කට භාජනය කර ඇති අතර අදටත් ප‍්‍රතිකාර ලබාගන්නා අතර සුවකළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මාගේ ස්වාමියා හෘද රෝගියෙකි. බයිපාස් සැත්කමකට භාජනය කළ යුතුව ඇත.
මෙම පසුබිම යටතේ ගොවිතැන් කටයුතුවල නිරත වීම නිසා මාගේ දකුණු ඇසේ ඇති වූ වේදනාව පිළිබඳව  ඕමත්ත බු`ඵගහ හංදියේ ඩිස්පැන්සරියේ වෛද්‍ය පී.ඩබ්.යූ. ජයලාල් මහතාට පෙන්වන ලදි.
එ් මහතා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන තෙක් භාවිතා කිරීම සඳහා ඇසට දැමීමට බෙහෙතක් හා බීමට පෙති වගයක් ලියාදෙන ලදි.
එම බෙහෙත් තුණ්ඩුව ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාම් හවුස්” නැමති නාම පුවරුව යටතේ පවත්වාගෙන යන ෆාමසියට බාර දී, 2016.02.20 වන දින, බෙහෙත් ලබාගන්නා ලදි. ෆාමසියෙන් ලබාගන්නා ලද බෙහෙත් මා පාවිච්චි කරන ලදි. 
එම බෙහෙත් අතුරින් ඇසට දමන ලද බෙහෙත භාවිතා කිරීමේදී වේදනාව දිනෙන් දින වැඩි වීම නිසා 2016.02.22 වන දින රාත‍්‍රියේ මා ඌරගස්මංහංදියේ,Dispensary & Surgery නමින්, ඌරගස්මංහංදිය ප‍්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඞී.ආර්.කේ. සිරිසේන මහතාගේ ඩිස්පැන්සරියට ගියෙමි. ඔහුගේ ලියාපදිංචි අංකය :SLMC  Reg: No 24430 වේ. 
එ් මහතා මාගේ ඇස් පරීක්ෂා කර වෛද්‍ය පී.ඩබ්.යූ. ජයලාල් මහතා ලබාදුන් බෙහෙත් තුණ්ඩුව හා ගුණවර්ධන ෆාම් හවුස් වෙතින් ලබාගත් බෙහෙත පරීක්ෂා කරන ලදි. 
එම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මට කලබල වෙන්න එපා යැයි කියා වෛද්‍ය ජයලාල් මහතා ලබාදුන් බෙහෙත් නිවැරදි බවත්, ගුණවර්ධන ෆාම් හවුස් වෙතින් ඇසට දැමීමට ලබාදී තිබෙන බෙහෙත වැරදි බවත්, එය කණට දැමීම ස`දහා වූ බෙහෙතක් බවත් පවසා, ඔහුගේ ඩිස්පැන්සරියෙන් ඇසට දැමීමට, ඇසට/කණට දැමීම සඳහා වූ බෙහෙත් ලබා දී ඇත. එම බෙහෙත ක්‍ෂඡුඛධඞ නම් වේ.
මා හට ගුණවර්ධණ ෆාමසියෙන් ලබාදී ඇති ඖෂධය වන්නේ, ”ක්ලෝරෝවින්” නැමති ඖෂධයයි. මෙම ඖෂධ කුප්පිය හා වෛද්‍ය ජයලාල් මහතා විසින් නිකුත් කරන ලද වට්ටෝරුව වෛද්‍ය සිරිසේන මහතා පරීක්ෂා කර එය ෆාමසිකරුට අවවාද කිරීමට අවශ්‍ය බව පවසා ඔහු විසින් තබාගන්නා ලදි.
රාත‍්‍රියේ මා වෛද්‍ය සිරිසේන මහතා විසින් ලබාදුන් ඇසට/කණට දැමීමට දුන් බෙහෙත ඇසට දැමූව ද වේදනාවේ අඩුවක් නොවූ නිසා මා පසුදින, 2016.02.23 දින කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත ගියෙමි.
එහිදී මාව රෝහල්ගත කොට ප‍්‍රතිකාර ලබාදෙන ලදි. මා දින 17 ක් නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා ලදි.
මා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් වූ දිනයේදී 2016.02.23 දින දී, වරද්දා දමන ලද බෙහෙත තමන්ට අවශ්‍ය බව එම රෝහලේ වෛද්‍යවරු කියා සිටි නිසා ඉතා අපහසුවෙන් මාගේ සැමියාව වෛද්‍ය සිරිසේන මහතා වෙතට යවා වෛද්‍ය ජයලාල් මහතා නිකුත් කරන ලද වෛද්‍ය වට්ටෝරුව ලබා ගන්නා ලදි.
මා වෙත ෆාමසියෙන් ලබාදෙන ලද බෙහෙත් කුප්පිය එ් වන විට, ගුණවර්ධන ෆාමසියේ අයිතිකරුට වෛද්‍ය සිරිසේන විසින් බාරදී තිබූ හෙයින් එම ෆාමසියට ගොස් ඉතා අපහසුවෙන් එම බෙහෙත් කුප්පිය ලබාගෙන අක්ෂි රෝහල වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. 
මේ වන විට, මෙම වැරදි බෙහෙත් කුප්පිය දැනට ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 93512 දරන නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට බාරදී ඇත.
2016.03.11 රෝහලින් පිට වූ පසුව, පසුදින එනම් 2016.03.12 දින, ඌරගස්මංහංදිය පොලීසියට ගොස් පැමිණලි කළෙමි. එදින පොලීසියෙන් මා හට ඇල්පිටිය රෝහලට යන ලෙසට පවසා අධිකරණ වෛද්‍ය පෝරමය ද නිකුත් කළා. එ් අනුව මා රෝහල්ගත විය. අධිකරණ වෛද්‍ය පෝරමයේ පිටපත අමුණා ඇත.
මා අක්ෂි රෝහලින් පිට වූ පසු නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බව වෛද්‍ය සිරිසේන මහතාට පවසා සිටි අවස්ථාවේ ඔහු ඉහත සඳහන් කළ පරිදි ඔහු ළඟ වෛද්‍ය ජයලත් මහතා නිකුත් කරන ලද වට්ටෝරුව ආපසු මා වත ලබාදීමේදී ”නඩු දාලා වැඩක් නෑ, ඇහැක වටිනාකම රුපියල් 1250/- යි, එ් නිසා ෆාමසිකරුගෙන් රුපියල් 1250/- ක් ඉල්ලගෙන නිකම් ඉන්න” යැයි පැවසුවා. තවද ඔහු නඩු දැම්මට වැඩක් නෑ, කවදාවත් ඔප්පු කරගන්න බැහැ යැයි ද අමාරුවේ වැටෙන්නේ ෆාමසිකරු නොව මා යැයි ප‍්‍රකාශ කර සිටියා.’’ 

ෆාමසි කාරයා නිකුත් කළ වැරදි ‘‘බෙහෙත’’ ීමටසැඟව කිරීමට පියවර ගැනීම, බරපතල ලෙස ඇසට තුවාල වී තිබියදීත් අක්ෂි රෝහලට හෝ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු වෙතට යොමු නොකිරීම, ඇසට සිදුව තිබෙන බරපතල  හානිය විනශ්චය කරගැනීමට නොහැකිව හා ෆාමසිකරු ආරක්ෂා කර ගැනීමට ඇසට/කණට දැමීමට බෙහෙතක් නියම කිරීම, යන කරුණු මගින් මෙම ෙවෛද්‍ය වරයා  වෘත්තීය අචාර ධර්ම කෙලෙසා ඇති බවට ඇය වැඩිදුරටත් චෝදනා කරයි.




No comments:

Post a Comment