Thursday, September 29, 2016

නීතිඥවරයා පොලීසිය හා එක්ව කරන ලද පාහර වැඩක්


මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩකරන කපිල වෛද්‍යරත්න නැමති නීතිඥවරයා, රු: 2000/- ක් අරගෙන පොලීසිය හා එක්ව කරන ලද පාහර ක‍්‍රියාවක් පිළිබඳ කථාවක්.

පේ‍්‍රමරත්න බුලත්සිංහල පදිංචිකරුවෙක්. දැනට වයස අවුරුදු 69 යි. සිද්ධිය ආරම්භ වන්නේ 2011 දෙසැම්බර් 12 වනදා.

තමාගේම කිතුල් ගසක මලක් කපාගෙන රා බෝතලයක් රැගෙන යන අතර බුලත්සිංහල ොපලීසියේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන, 2011 දෙසැම්බර් 14 වන දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදරිපත් කළා. එ් "සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 ක් ” ළඟ තබා ගැනීම යන අමුලික බොරු චෝදනාව යටතේ.

මේ නඩුව පැවරුවේ එවක ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එ්. ගුණරත්නය. නඩුවේ සාක්ෂියට දමා තිබුනේ උ.පො.ප. ගුණරත්න හා පො.සැ. 37705 සිරිකුමාර යන අයයි. නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත් බවට කියන සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 න්, ඩ‍්‍රෑම්ස් 08 ක්, සාම්පල ලෙසට ඉදිරිපත් කරණු ලැබුවා.

පහත දැක්වෙන්නේ  2011 දෙසැම්බර් 14 වන දින, පේ‍්‍රමරත්නට එරෙහිව මතුගම මහේස්ත‍්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරනු ලඅබු චෝදනාවයි. 

"ඉහත නම් සඳහන් චූදිත වන නුබ විසින් මෙම අධිකරණ බල ප‍්‍රදේශය ඇතුළත වූ කම්කානම් බොක්කාව දී 2011.12.12 දින හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී ලෙස සකස් කරන ලද මත්පැන් හෙවත් සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 ක් තම ස්වාමිත්වයේ තබා ගිනිමින් 1957 අංක 36 1964 අංක 49 1985 අංක 08 1990 අංක 37 1994 අංක 07 දරන පනත් වලින් සංශෝධනය වූ 2005 අංක 12 දඩ මුදල් වැඩි කිරීමේ පනතේ අංක 02 වගන්තිය සමග කියවෙන සුරාබදු ආඥ පනතේ 47 464 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට මෙයින් චෝදනා කරණු ලැබේ"

පේ‍්‍රමරත්න මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් ‘‘නිවැරදිකරු’’ බව ප‍්‍රකාශ කරණ ලදි.

නඩුව විභාගයට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා පෙර වැරදි නැත යන සටහන යොදා පේ‍්‍රමරත්නට රු: 20,000/- ක මුදල් ඇපයක් හා රු: 100,000/- ක ශරීර ඇපයක් නියම කර, මූලික සාක්ෂි විමසීම සඳහා නඩුව 2012 මැයි 02 වන දිනට කල් තබනු ලැබීය.

ඉන් අනතුරුව නඩු වාර කිහිපයකට පසුව 2013.06.05 දින නඩු වාරයේදී, රස පරීක්ෂක වාර්තාව ලද පසු කැඳවීමට නියම කර, නඩුව බහා තබන ලදි.

වසර දෙකක් ඉකුත් වුවද රස පරීක්ෂක වාර්තාව නොමැතිවීම යන පදනම මත, 2016.03.28 දින, මෙම ව්‍යාජ චෝදනා නගා ඇති නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට පේ‍්‍රමරත්න නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරණු ලැබීය.

2016.08.31 වන දින, උක්ත නඩුවට අධිකරණයේ පෙනී සිටින ලෙසට වන සිතාසියක් පේ‍්‍රමරත්නට, බුලත්සිංහල පොලීසිය බාරදෙනු ලැබීය.

එ් අනුව ඔහු නීතිඥ කපිල වෛද්‍යතිලක මගින් අධිකරණයට ඉදිරිපත් විය. ඔහු, තමාගේ නිර්දෝශීභාවය ප‍්‍රකාශ කරන ලෙසට නීතිඥවරයාට උපදෙස් දෙන ලදි.

එසේ තිබියදී, මෙම නීතිඥවරයා පොලීසිය හා එක්ව වැරදිකරු බව පිළිගන්නා බව අධිකරණයට පවසා තිබේ. මේ පිළිබඳව ඔහු නීතිඥවරයාගෙන් විමසූ විට, ඔහු කියා ඇත්තේ, අවු: 67 ක් වන නිසා වැරදිකරු බව කියා අවවාදයක් කරවා, නිදහස් කරවා ගත් බවය. මේ පිළිබඳව නඩු වාර්තාවේ ස`දහන් වන්නේ මෙසේය.

"පෙර උත්තර ඉවත් කර වරද පිළිගනී. ඉහත චෝදනා පත‍්‍රය අනුව චෝදනාව කියවා දෙමි. චෝදනා පත‍්‍රය බලන්න. මම වැරදිකරු වෙමි. ප‍්‍රකාශ කර සිටී. එ් අනුව චූදිත ඔහුට එරෙහිව ඇති චෝදනා සඳහා වරදකරු කරමි.

පසුව චූදිතට ................ දඩයක් නියම කරමි. දඩ නොගෙව්වොත්/සති ......... ලිහිල් සිර දඬුවම් නියම කරමි. දඩයෙන් 1/2 ක් පොලිස් තෑගි අරමුදලට/වන සංරක්ෂණ අරමුදලට බැර කරන්න.

පැ ......... විනාශ කරන්න.

පැ ........ ට භාර දෙන්න.

වයස අවුරුදු 67 කි.

පෙර වැරදි නැත.

............... අ.ක.වි.306 යටතේ අවවාද කර මුදාහරිමි.

අත්/කළේ 
මහේස්ත‍්‍රාත්"

සටහන:- නඩු වාර්ථාවේ ................. වලින් ප‍්‍රකාශවන්නේ කුමක්ද යන්න අපහැදිලිය.

මෙසේ පොලීසිය හා එක්ව, වරදකරු බවට පත්කිරීම තරයේ හෙළා දකින පේ‍්‍රමරත්න බොරු නඩු දැමීම හා අධිකරණ කි‍්‍රයා පිළිවෙත පිළිබඳ ප‍්‍රශ්න රැුසක් මතු කරයි.  

01. කිතුල් රා බෝතලයක් සමග අල්ලා ‘‘සීනි කරිඤ්ඥං’’ කියා උසාවියට දැමූ බොරු නඩුවට ”නිවැරදිකරු” කී විට රුපියල් 20,000/- ක මුදල් ඇපයක් හා රුපියල් 100,000/- ක ශරීර ඇපයක් නියම කළේ ”වරද” පිළිනොගැනීමේ ”වරදට” දඬුවමක් වශයෙන්ද?

02. මා විසින් දෙන ලද නීතිඥ උපදෙස්වලට පටහැනිව, වයස නිසා ”වරද” පිළිගත්තා 
යැයි නඩුකාර තැනට කී විට, අවවාද කර මුදහැරීමට තරම්, සත්ත්ව කරුණාවක් 
අධිකරණයට පහළ වූයේ කෙසේද?

03. තවද, ‘‘නඩු වාර්තාවේ සඳහන්ව තිබෙන, ‘‘ විසින් පෙර උත්තර ඉවත් කර වරද 
     පිළිගැනීම ........ යන්න මාගේ නීතඥවරයා කියන්නට ඇතත් එය මගේ ප‍්‍රකාශයක් 
     නොවන බව හා තමාට නම් චෝදනාව කියා දුන්නේ නැතිව, ‘‘චෝදනාව කියා දුන්න
    බවට වන සටහන් කළේ කෙසේ ද ? 

පේ‍්‍රමරත්න, යුක්තිය අහිමි කිරිම ගැන, අගවිනිසුරු වරයාට, නීතිපතිට හා පොලිස්පතිට ලිඛිතව දැනුම් දි ඇත. එමගින් ඔහු යුක්තිය අපේක්ෂා කරයි. 

ඉහළ අධිකරණ වලට ගොස් යුක්තිය ඉටු කර ගන්න දුප්පතුන්ට නොහැකිය. 

බලය ඇති හා පොහෝසතුන්ට යුක්තිය අවශ්‍යය නැත. දුප්පතුන්ට යුක්තිය යෝග්‍යය දෙයක් නොවේ





No comments:

Post a Comment