Sunday, August 7, 2016

අවු:16යි මාසයයි, තරුණියව දුෂණය කළ කොස්තාපල් ව බේරා ගන්න OIC දෙවන වරටත්, ASP තෙවන වරටත් ඇයව දුෂණය කරයි.


පාසලින් එළියට විසි වු ඈ ගාර්මන්ට් රක්ෂාවට ගියේ වයස අවුරුදු 15දීය. බණ්ඩාරගම වට රවුමේ සේවය කරමින් සිටි, චින්තක නැමැති කොස්තාපල් ඇයව ගොදුරු කර ගත්තේය. මව් පිය ආදරය, රැුකවරණය අහිමි ව සිටි ඇයට කොස්තාපල් චින්තක දෙවියෙක් විය. කොස්තාපල් චින්තක ඇයව ගැලනිගම ‘හසිත ගෙස්ට්හවුස්’ වෙත රැුගෙන ගියේ විවාහ පොරොන්දු දෙමින්ය.

එහිදි විවාහ පොරොන්දු දෙමින් රවටා ඇයව දුෂණය කළේය. ටික දවසකින් කොස්තාපල් චින්තක ඇයව මග හරින්නට පටන් ගන්නා ලදි. ඇය අසරණ වු බව වටහා ගන්නා ලදි. සිද්ධිය පිළිබඳව ඇය පොලිස්පති, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, නීතිපති හා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද ලිඛිතව කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  

‘‘එයින් පසුව, ඔහු මාව මග හරින්න පටන් ගත්තා. නමුත් මම ඔහුට දිගින් දිගටම දුරකථනයෙන් කතා කලා. මට මේ ගැන කියන්න කිසිවෙක් සිටියේ නැහැ. මම මෙම විස්තරය මාගේ යෙහෙළියක් වූ සඳමාලි අක්කාට කිව්වා. ඇය ඇගේ සැමියා මධුසංඛට එ් බව කියා තිබුනා. මධුසංඛ යන අයගේ පියා පොලිසියේ නිසා, එයාට මේ ගැන කෙලින්ම කියන්න බෑ කියා. මධුසංඛ යන අය මාගේ දුරකථන අංකය චතුරංග යන අයට දීලා තිබුනා. චතුරංග මා සමග දුරකථනයෙන් කතා කරලා, මට කිව්වා, පැමිණිල්ලක් දාන්න පානදුර යුනිට් එකට ( පානදුර පොලිස් අධිකාරිකාර්යාල ගොඩ නැගිල්ලේ පවත්වාගෙන යන ) එක්කගෙන යන්නම් කියා.’’ 
නමුත් මම එකඟ වුනේ නැහැ. මම මේ ගැන චින්තකට දුරකථනයෙන් දැනුම් දුන්නා. චින්තක මට කිව්වා - චතුරංග කුඩුකාරයෙක් කියා. ඊට පස්සේ දවසක චින්තක මට කිව්වා පොලිසිය ලඟට එන්න කියා. එ් එන්න කිව්වේ සවස 5.30 පමණ. පොලිසිය තුලදී චින්තක මට කිව්වා මම ඔයාව බඳිනවා, මට ජොබ් එක නැතිවෙයි කියලා බයයි, එ් නිසා මම කියන විදිහට චතුරංගට විරුද්ධව පැමිණිල්ලක් දාන්න කියා. මාව චින්තක බණ්ඩාරගම පොලිසියේ ඇතුලූ වන තැනම, දකුණු අත පැත්තේ කාමරයක සිටි නිල ඇඳුම් ඇඳගෙන හිටිය නිලධාරී වෙත ගෙන ගියා. චින්තක ඔහුට සර් මේ නංගිව තමයි චතුරංග ත‍්‍රී විල් එකක දාගෙන ගියේ කියා පැවසුවා. එ් නිලධාරියා මගෙන් ඇහුව්වා, චින්තක එක්ක යාලූවෙලා හිටියද කියලා. මම ඔව් කිව්වා. එවිට එම නිලධාරියා මට, දැන් ගිහිල්ලා චින්තක කිව්ව විදිහට පැමිණිල්ල දාන්න, හැබැයි චින්තක එක්ක යාලූ වෙලා හිටිය බව කියන්න එපා කියා කිව්වා.  ඊට පස්සේ, චින්තක මාව කාන්තා හා ළමා අංශයට ගෙන ගියා. නමුත් කිසිවෙක් හිටියෙ නැති නිසා, පසුවදා උදේ 10 ට එන්න කිව්වා. පසුදා, චින්තක මට කිව්වා පොලිසිය ලඟට එන්න කියා. පොලිසිය ලඟදී මාව චින්තක කාන්තා හා ළමා අංශයට ගෙන ගියා. යන අතර, චින්තක මට කිව්වා, මාව ගෙනියන්නේ මැණිකේ මිස් ලඟට කියා. මැනිකේ නිලධාරිණියට, චින්තක කිව්වා මේ විදිහට පැමිණිල්ල ලියන්න කියා. මගෙන් මැණිකේ නිලධාරිණිය නම, ලිපිනය විස්තර අසා, චින්තක කිව්ව විදිහට පැමිණිල්ල ලියා මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සේ චින්තක මගේ කෝල් වලට උත්තර දෙන එක මග ඇරියා. 

පසුව මම තීන්දුවක් ගත්තා චින්තක මට බොරු කරනා බවට. මම චතුරංගට දුරකථනයෙන් කතා කරලා කිව්වා, චින්තක ගේ  ඕනෑකමට බොරු පැමිණිල්ලක් දාපු බව. ඊට පසුව චතුරංග මාව, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට, ඔහුගේ ත‍්‍රී රෝද රථයෙන් ගෙන ගියා. එ් 2016 ජූලි 28 දින. 
එදින චතුරංග මාව, ”යුනිට්” එකේ  පද්මලාල් නැමැති නිලධාරියා වෙත ගෙන ගියා. එම නිලධාරියා මාව රේණුකා නැමැති නිලධාරිණිය ලඟට ගෙන ගියා. ඇය මගෙන් විස්තර අසා, ප‍්‍රකාශයක් ලියා ගත්තා. ඊට පස්සේ මාව ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන නිලධාරියා වෙත ඉදිරිපත් කලා. ඔහු මට කිව්වා චින්තකව හෙට (29 දින) උදේ 10.00 ට ගෙන්වනවා, මට එ් වෙලාවට එන්න කියා. එ් අනුව මා 29 දින ගියා. එදින චින්තක පැමිණියේ නැහැ. 

පසුව මට නැවත 2016.08.01 දින එන්න කිව්වා. එ් අනුව මා එදින (2016.08.01 දින) ස.පෙ.අධිකාරී 2 විජේගුණවර්ධන නිලධාරියා හමුවුනා. එදින චින්තක ඇවිල්ලා හිටියා. දෙන්නාවම ගෙන්වා ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන විස්තර ඇසුවා. එතනදී ඔහු (චින්තක) මාව බඳින්න පොරොන්දු වුනා. ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන චින්තකට කිව්වා, බඳින බවට පොරොන්දු ලිපියක් ඔහුගේම අත්අකුරින් ලියා පොලිසියට බාරදෙන්න කියා. නමුත් එ් වෙලාවේ ලියුමක් ලියලා දුන්නේ නැහැ. ඔහු පිටව ගියා. එ් අතර, මට ආරංචි වුනා චතුරංගව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව. 

මාව , ගෙස්ට් හවුස් එකකට ගෙන ගොස්, විවාහ කර ගන්නා බව පොරොන්දු වී දුෂණය කිරීම ගැන - ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන නිතිමය පියවර නොගෙන, මා රැුවටූ බව ප‍්‍රකාශ කරමි.
එ් අතරම, මට උපකාර කළ, චතුරංගට විරුද්ධව බොරු නඩු දැමීමටද පියවර ගෙන ඇත.
එ් අතර, මාගෙන් බලපෑම් කර, චතුරංගට විරුද්ධව, බණ්ඩාරගම පොලිසියේ මැණිකේ නිලධාරිණිය විසින් ලියා ගන්නා ලද, බොරු පැමිණිල්ලට, බණ්ඩාරගම පොලිසියට එන ලෙසට මට දැනුම් දෙමින්, හිරිහැර කරන්නට පටන්ගෙන තිබේ.’’ යනුවෙන් සඳහන් වේ.  

ඈ පළමු වසරේ සිට ඉගෙනුම ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යලයේය. පහ වසරේ සිට නේවාසිකව ඉගෙන ගනිමින් සිටියදි ‘‘විනය’’ ප‍්‍රශ්ණයක් මත කියා මාස හයකට ඇගේ පංති තහම් කොට අධ්‍යාපනය විනාශකර දැමීමට විදුහල්පති, ගුරුවරු පියවර ගෙන තිබින. ඇයට යන්න එන්න තැනක් නැති විය. පියා ඇයට අහිමිවුයේ හයහතර නොදන්නා කාලයේය. දෙවන විවාහයක් කරගත් මවගෙන් ඇයට ලැබුන සෙනහසක් නැත. ඇය ගාමන්ට් යැමට පටන් ගත්තේ, ජීවත් වීමටය. එයද පොලිස්කාරයෙක් විනාශ කර දමා තිබේ. ඇයව රවටා දුෂණය කරන විට 16යි මාසයි, එ් නිසා ව්‍යවස්ථාපිත ස්ත‍්‍රි දුෂණයට චින්තක පොලිස්කාරයා හසුවන්නේ නැත. බණ්ඩාරගම  ඕ.අයි.සී හා පානදුර 2, එ්.එස්.පී යන දෙන්නාටම අවශ්‍යය වුයේ චින්තක පොලිස්කාරයා බේරා ගැනීමටය. ඇයව වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට, ඇගේ කථාව සම්බන්ධයෙන් විමර්ශණයක් ආර්ම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ නැත. එ පමණක් නොව වයස අවුරුදු 18ට අඩු ඇයව ගැලනිගම ‘හසිත ගෙස්ට්හවුස්’ වෙත රැුගෙන යෑම මොවුන් දෙදෙනාටම නිත්‍යානුකුල ක‍්‍රියා විය. 

‘‘බුදුන්ගේ දේශයේ, උදේ හවස ලව්ඞ් ස්පීකරයෙන් පිරිත් බණ අස්සවන’’ පොලිස්පතිගෙන්  ඉල්ලා සිටින්නේ, ඇයව දුෂණය කල බණ්ඩාරගම පොලිස් ස්ථානයේ, පොලිස් කොස්තාපල් චින්තකට එරෙහිව නීතිමය පියවර ගෙන, චතුරංග නැමැති අයට විරුද්ධව, ඇයව පොළඹවා, ලියා ගන්නා ලද බොරු පැමිණිල්ල ඉවත් කර, සිදුකල අපරාධය යට ගැසීමට ඉඩ නොතබන ලෙසට හා ඇයව අනාථ වීමට ඉඩ නොතබන ලෙසටය. 


No comments:

Post a Comment